gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හඳුන්නෙත්ති චාමරගෙන් සපෝට් එකක් ඉල්ලයි! (VIDEO)

පෙරේදා (05) දිනයේදී පාර්ලිමේන්තුවේදී හඳුන්නෙත්ති අමාත්‍යවරයා සීනි සහ එතනෝල් පිලිබඳ ඇසු ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දීම සිදු කරන ලදී..

එහිදී ඔහු කියා සිටියේ සීනි මෙට්‍රික් ටොන් විසිතුන්දහස් අනුහයක් සහ එතනෝල් ලීටර් විසි තුන්ලක්ෂ පනස්දහසක් රජය සතු වන බවය.

එසේම සීනි නිෂ්පාදනය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග වශයෙන් ඔහු යෝජනා කරනු ලබන්නේ ඒකාබද්ධ වල පැළෑටි කළමනාකරණය, පලිබෝධ හා රෝග පාලනය , ඒකාබද්ධ පාංශුපෝෂක කළමනාකරණය , වඩාත් සුදුසු ප්‍රභේද තෝරා ගැනීම ආදිය යි.

අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරනු ලැබුවේ එතනෝල් සඳහා රජයේ අවම මිල වන්නේ රුපියල් 800 බවයි. මුදල් අමාත්‍යංශයේ ඇතැම් නිලධාරින් මත්පැන් නිෂ්පාදන සමාගම තුලින් මුදල් ලබා ගන්නා බවද, ඔවුන් පිලිබඳ හෙලිදරව් කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කලේය.

එසේම ඔහු සඳහන් කලේ තමන් සතුව ඇත්තේ ගොවියන්ට ගෙවන ප්‍රමාණ අඩු කිරීම හෝ එතනෝල් මිල වැඩි කිරීමේ තීරණය බවය.

එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක  මහතා කියා සිටියේ පසුගිය ආණ්ඩු සමයේ එතනෝල් රුපියල 1200ට ලබා දුන් බවයි.  


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka