gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පිල්ලයාන් සම්බන්ධ ඝාතන 5ක් ගැන තතු හෙළිවෙයි!

පොලිස් නිලධාරියකු ඇතුළු ඝාතන සිද්ධීන් පහකට හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සම්බන්ධවී ඇත්දැයි විමර්ශන කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

කණ්ඩායම් කීපයක් ඔස්සේ එම සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව එම කොමිසම පවසයි.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවිදුනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශනවලට අදාළව එම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයා අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් කීපයක් මඩකළපුව ප්‍රදේශයට යවා ඇති බවද සදහන්වේ. එම විමර්ශනවලට අදාළව සැකකරුවන් කඳවුරු පවත්වාගෙන ගිය ස්ථාන නිරීක්ෂණය කර ඇති අතර කීපදෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව ද පොලිසිය පවසයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් ඉකුත්දා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවේ.

අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වැඩිදුර විමර්ශන පවත්වයි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka