නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට දමිළ ප්‍රගතිශීලි සභිකයින් 05 දෙනෙකුගේ සහයෝගය මත එම සභාවට සභාපතිවරයා වශයෙන් තේරිපත් වූ ජාතික ජන බලවේගයේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතාට එම ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට ලිපියක් ලබා දෙන ලෙසට ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක පා.ම. මංජුල සුරවීරආරච්චි සහ ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා සිදු කරන තර්ජන සහ බලපෑම් හමුවේ සභාපතිවරයා සහ ජාතික ජන බලවේගයෙන් එම සභාව නියෝජනය කරන සියලුම සභිකයින් 06 දෙනා මින් ඉදිරියට එම සභාව තුල ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරිමට තිරණය කල බව එම සභාවේ පාලන පක්ෂයේ සභිකයින් පැවසීය.
මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් (27) දින නෝර්වුඩ් පිහිටි ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදි සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා නමක් ඉදිරිපත් කරන ලෙසට යෝජනා කර සිටියදි ලංකා කම්කරු කොංග්‍රසයෙන් එම සභාවේ හිටපු සභාපති කනපති කුලන්දවේල් රවී මහතාගේ නම ඉදිරිපත් කිරිමත් සමග ජාතික ජන බලවේගයේ නියෝජනය කරන සභිකයෙකු ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතාගේ නම යෝජනා කිරිමට එම පක්ෂයේ සභිකයෙකු පියවර ගැණින.
එම සභාවට සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීම සදහා නම් දෙකක් ඉදිරිපත් වී ඇති නිසා සභාපතිවරයා තෝරා පත් කර ගැනිමට පැවති විවෘත ඡන්දයේදි ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත්වූ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා විවෘත ඡන්ද 12 කින් තේරී පත් වු අතර, ලංකා කම්කරු කොංග්‍රසයෙන් සභාපතිධූරය සදහා ඉදිරිපත් වූ කනපති කුලන්දවේල් රවී මහතාට විවෘත ඡන්ද 07ක් ලැබුණි.
මෙම පත් වීමෙන් අනතුරුව ජාතික ජන බලවේගයෙන් එම සභාවට තේරි පත් වූ සභාපතිවරයාට සහ එම පක්ෂයේ අනෙකුත් සභිකයින්ට ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක පා.ම. මංජුල සුරවීරආරච්චි මහතා එදින ඔවුන්ට දැඩි විරෝධය පාමින් පවසා ඇත්තේ “පක්ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරිමට කිසිදු බලයක් ඔවුන්ට නොමැති බවත්, එම සභාවේ සභාපතිධූරය ලංකා කම්කරු කොංග්‍රසයේ යෝජනා කරන අයටත්, උප සභාපතිධූරය තම පක්ෂයට ලබා ගැනිමට එකගතාවය පල කර සිටියදි විපක්ෂයේ සභිකයන්ගේ සහයෝගය ඇතිව සභාපතිධූරය ලබා ගැනීම පක්ෂයේ විනයට පටහැනි බවයි”.
පවත්නා තත්වය හමුවේ ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක පා.ම.මංජුල සුරවීරආරච්චි සහ ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා නෝර්වුඩ් පෝඩ්ට්‍රී වතුයායේ පිහිටි සභාපතිවරයාගේ නිවසට ගොස් ඇති බවත්, එහිදි සභාපතිවරයා නිවසේ නොසිටි නිසා ඔහුට කඩිනමින් තමන්ට දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙසට සභාපතිවරයාගේ බිරිදට පවසා නිවස පරික්ෂා කර බලා ආපසු පැමිණ ඇති බව ජාතික ජන බලවේගයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට තේරිපත් වූ සභිකයින් කියා සිටියි.
පළාත් පාලන මැතිවරණයේදි නුවරඑලිය දිස්ත්‍රික්කය ඇතුලු තවත් දිස්ත්‍රික්ක ගණනාවක කිසිදු පක්ෂයකට බලය පිහිටු වීමට තනි බලයක් නොමැති නිසා එම පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීමට ජාතික ජන බලවේගය ලංකා කම්කරු කොංග්‍රසට සමග ඇති කර ගත් එකගතාවයක් අනුව නුවරඑලිය, කොටගල, ආගරපතන සහ නෝර්වුඩ් යන ප්‍රාදේශීය සභාවල සභාපතිධූර ලංකා කම්කරු කොංග්‍රසයටත් එම පළාත් පාලන ආයතනවල උප සභාපතිධූරය ජාතික ජන බලවේගයට ලබා ගැනීමටත් එකගතාවටකට පැමිණ තිබූ බවයි නෝර්වුඩ් ප්‍රාදේශිය සභාව නියෝජනය කර සභාපතිවරයා ඇතුලු සභිකයින් කියා සිටින්නේ.
කොටගල, නුවරඑලිය යන ප්‍රාදේශිය සභාවලට හිටපු සභාපතිවරුන්ම පත්කර ඇති බවත්, එම සභාපතිවරුන්ට මෙන්ම නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට ලංකා කම්කරු කොංග්‍රසයෙන් ඉදිරිපත් කල කනපති කුලන්දවේල් රවී මහතාටද ඔවුගේ පාලන කාලය තුල දූෂණ වංචා සහ බලය අවභාවිතා කිරිම ඇතුලු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියදි, යලිත් සභාපතිධුරය සදහා ඔහුගේ නම ඉදිරිපත් කල අවස්ථාවේ දමිළ ප්‍රගතිශීලි සංධානයේ සභිකයින්ගේ සහයෝගය ඇතිව ජාතික ජන බලවේගයේ බලයක් සහිත ප්‍රාදේශීය සභාවක් බවට නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව පත් කරද්දී එයට පටහැනිව ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායකයන් කටයුතු කිරිම පිලිගත නොහැකි බවයි නොර්වුඩ් ප්‍රාදේශීය සභාවට තේරි පත් වූ ජාතික ජන බලවේගයේ සභාපතිවරයා ඇතුලු සභිකයින් කියා සිටින්නේ.
දුෂණ වංචා නැතිකර බලය අවභාවිතා නොකරමින් නෝර්වුඩ් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට උපරිම සේවාවක් ලබා දෙන බවට ජනතාවට පොරොන්දු වී ඡන්දය ලබා ගෙන යලිත් එම සභාවට දූෂණ වංචා ගණනාවක් සිදු කර බලය අවභාවිතා කල අයෙකු යලිත් සභාපතිධූරයට පත් කිරිමට ඉඩ ලබා නොදි තමන් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ පාලන බලය ලබා ගත් බවයි එම සභාපතිවරයා සහ සභිකයින් කියා සිටියේ.
ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් සංවිධායකවරයා සහ ලේකම්වරයාගේත් ලංකා කම්කරු කොංග්‍රසයේ ඇතැම් පිරිසකගේ දැඩි බලපෑම හමුවේ නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට තේරි පත් වූ සභාපතිවරයා දුරකථනය ක්‍රියා විරහිත කර ආරක්ෂිත ස්ථානයක තාවකාලිකව රැදී සිටින බවත්, පවසන නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ සභිකයින් කියා සිටින්නේ තමන් මින් ඉදිරියට ජාතික ජන බලවේගයේ සභිකයින් නොවන බවත්, එම සභාව තුල ස්වාධීනව කටයුතු කිරිමට තීරණය කර ඇති බවයි.
තවද හැටන් දික්ඔය නගර සභාවට ජාතික ජන බලවේගයෙන් පත් කරන බවට පොරොන්දු වූ සභිකයාට සභාපතිධූරය ලබා නොදි වෙනත් අයෙක්ට ලබා දීමට ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක පා.ම. මංජුල සුරවීරආරච්චි සහ ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කල බවත්, ඔවුගේ එම ක්‍රියා කලාපය හේතුවෙන් අඹගමුව සහ මස්කෙලිය යන ප්‍රාදේශිය සභාවල පාලන බලයද ජාතික ජන බලවේගයට මේ වන විට අහිමි වී ඇති බවයි.
නෝර්වුඩ් ප්‍රාදේශිය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරමින් නුවරඑලිය දිස්ත්‍රික්කයේ හොදම ප්‍රාදේශිය සභාව බවට නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව පත් කරන බව එම සභිකයින් කියා සිටියි.
තවද නුවරඑලිය දිස්ත්‍රික්කය තුල ජාතික ජන බලවේගය වටා වතු කම්කරුවන් ඇතුලු විශාල පිරිසක් එක් වී සිටි බවත්, නුවරඑලිය දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා සහ ලේකම්වරයාගේ අත්තනෝමතික මෙවැනි ක්‍රියා හමුවේ එම පිරිස මේ වන විට ජාතික ජන බලවේගයෙන් ඉවත් වෙමින් සිටින බවයි.
අප මේ පිලිබදව ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක පා.ම. මංජුල සුරවීරආරච්චි මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ “පක්ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරිමට තම පක්ෂයේ කිසිදු සභිකයෙකුට අයිතියක් නොමැති බවත්, විපක්ෂයේ සභිකයින්ගේ සහයෝගය මත නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවෙ සභාපතිධූරය තම පක්ෂයට ලබා ගැනීමට කටයුතු කිරිම විනය විරෝධී ක්‍රියාවක් බවයි.
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට තේරිපත් වූ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා මුණගැසී කරුණු පහදා දී යලිත් ඔවුන් තම පක්ෂය තුල රදවා ගැනිම සදහා කටයුතු කිරිමට සභාපතිවරයාගේ නිවසට ගිය බවත්, ඔහු නිවසින් බැහැරව ගිය බවට ඔහුගේ බිරිද පැවසීමෙන් පසුව නිවසින් පිටව ආ බවත්, මින් ඉදිරියට නෝර්වුඩ් ප්‍රාදේශිය සභාව තුල ජාතික ජන බලවේගයේ කිසිදු සභිකයෙකු නොමැති බවට සලකා කටයුතු කරන බවයි” මංජුල සුරවීර ආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේ.
මේ සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ උසස් නිළධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ දුෂණ වංචා ගණනාවකට චෝදනා ලැබ සිටින සභාපතිවරුන්ම යලිත් එම සභාවට පත් කිරිම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසය තුලද විරෝධයක් මතු වී ඇති බවයි.
– රංජිත් රාජපක්ෂ