gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද ජනපතිට බෝම්බ ගහනවා යයි ඔත්තුවක්... අයෙක් අත්අඩංගුවට

ගල්නෑව මහජන ක්‍රීඩාංගණයේදී අද (30 වැනිදා) පැවැත්වෙන උපසම්පදා මහෝත්සවයට සහභාගිවන ජනාධිපතිවරයාට අත් බෝම්බයකින් ප්‍රහාරයක් එල්ල කිරීමට තම බිරිය සුදානමින් සිටින බවට පොලිස් හදිසි ඇමැතුම් අංශයට අසත්‍ය තොරතුරක් ලබා දුන් බවට චෝදනා ලබා සිටින පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (01 වැනිදා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කැකිරාව මහෙස්ත්‍රාත් උදාරි ගුණසේකර නියෝග කළාය.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරිය ඉපලෝගම පොලිසියට තවදුරටත් නියෝග කරනු ලැබීය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ඉපලෝගම, හිරිපිටියාගම ලිපිනයේ පදිංචි මහේෂ් සඳරුවන් රත්නායක නමැත්තෙකි.

ගල්නෑවේ පැවැත්වෙන මෙම උත්සව අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක පැමිණෙන අවස්ථාවේදී ප්‍රහාරයක් එල්ල කරන අරමුණින් අත් බෝම්බයක් සඟවාගෙන තම බිරිඳ සිටින බවට මෙම සැකකාර සැමියා අසත්‍ය තොරතුරක් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ඉපලෝගම පොලිසිය මුල් බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

එම කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය සැකකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතිසි නිකුත් කර තිබු අතර එකි නොතිසියට අනුව සැකකරු අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළේය.

සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජයරත්න පැවැසුවේ සැකකරු අදාළ ඇමතුම ලබා දී ඇත්තේ සිය බිරිය සමග දබර වී පළිගැනීමේ අරමුණින් බවට පොලිසිය කරුණු තහවුරු කරගෙන ඇත්නම් ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන්නේ කෙසේද යන්නයි. මෙහි සත්‍ය තොරතුරු අනාවරණය වී ඇති පසුබිමක මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ඉල්ලන්නේ නම් පොලිසියට රාජකාරි පිළිබඳව ප්‍රබල ගැටලුවක් මතුවෙන බවද නීතිඥවරයා කීවේය.

ඒ අනුව තම සේවාදායකයා ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙසද නීතිඥවරයා ඉල්ලීමක් කළේය.

දෙපක්ෂයේ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය ජනාධිපතිවරයා අදාළ රාජ්‍ය උත්සවයට පැමිණ පිටත්ව යන තුරු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන්නට නියෝග කළාය.

උපාලි ආනන්ද – අනුරාධපුර
Aruna
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka