gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඊශ්‍රයාලය පෘථිවියේ විශාලම ස්වභාවික ගෑස් නිධියට ගිනි තියයි… ඊශ්‍රයාලය මේ තැබුවේ ලෝක විනාශයක මුල්ම පියවර ද?

ඇමරිකානු පිටුබලය සහිත ඊශ්‍රයාල ලෝකයේ බිහිසුනුම ව්‍යසනයක් අලුත් වටයකින් අරඹා ඇති අයුරු ලෝකය කම්පාවෙන් හා තිගැස්මෙන් බලාගෙන සිටී. මේ මොහොත වනවිට ඉරාන භූමියේ පිහිටා ඇති ලොව විශාලතම ස්වාභාවික වායු නිධියට ඊශ්‍රයාලය විසින් ගිනි තබා ඇත.

පෘථිවියේ විශාලතම ස්වාභාවික වායු නිධිය පිහිටන්නේ පර්සියානු බොක්කෙහි ඉරානය සහ කටාර් අතර බෙදාගෙන ඇති දකුණු පාර්ස්/උතුරු ඩෝම් ක්ෂේත්‍රයේ ය. එය ලොව විශාලතම ගෑස් ක්ෂේත්‍රය වන අතර ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියට අනුව එහි ඝන අඩි ට්‍රිලියන 1,800 ක ඇස්තමේන්තුගත ස්වාභාවික වායු ප්‍රමාණයක් අඩංගු වේ.

ඊශ්‍රායල හමුදා දකුණු පාර්ස් ගෑස් ක්ෂේත්‍රයේ 14 වන අදියරට පෙරේදා (14) පහර දුන්නේය. එහි සමහර කොටස් මේ වනවිට ගිනි ගනිමින් තිබේ. ඩ්‍රෝන යානයකට සමාන කුඩා ගුවන් යානයකින් ප්‍රහාරය සිදු කළ බව ප්‍රාදේශීය මූලාශ්‍ර සහ ඇසින් දුටු සාක්ෂිකරුවන් උපුටා දක්වමින් ඉරානයේ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයින් මේ වන විට ජීවිත පරදුවට තබා කරන මෙහෙයුමකය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka