gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති විසින් හිටපු අගවිනිසුරු UN තානාපති කලේ කුමන පදනමකින්දැයි මං දන්නෑ..- අධිකරණ ඇමති

හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුර ලබා දුන්නේ කුමන පදනමකින් දැයි තමන් නොදන්නා බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කරයි.

තම ආණ්ඩුව පැමිණෙද්දී ජයන්ත ජයසූරිය මහතා අගවිනිසුරු ධුරයේ සිටි බවක් තමන්ගේ මතකයේ නැති බවද පැවසූ ඔහු ඒ අනුව තම ආණ්ඩුව පිහිටුවද්දි ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම ගිය අයෙක් විය යුතු බවද හෙතෙම කියා සිටියි.

කෙසේ වෙතත් මීට කලින්ද ආණ්ඩු විසින් එවැනි පත්කිරීම සිදු කර ඇති බවද අධිකරණ අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේය.

නමුත් ජනාධිපතිවරයා එම පත්කිරීම කළේ කළ පදනම සම්බන්ධයෙන් තමන්ට නිසි අවබෝධයක් නැතත් කිසිදු විනිසුරුවරයෙකුට අල්ලසක් වශයෙන් වත්මන් ආණ්ඩුව කිසිවක් ලබන්න නොදෙන බවද හෙතෙම පැවසුවේය.

ජනාධිපතිවරයා විසින් කළ පත් කිරීමක නරක තමන් නොදකින නමුත් ඔ්නෑම අයෙකුට ඒ සම්බන්ධයෙන් වෙනත් මතයක් දැරිය හැකි යයිද ඔහු තවදුරටත් පැවසුවේය.

ස්වර්ණවාහිනී නාලිකාවේ පැවැති වැඩසටහනකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka