gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඒකාබද්ධ විපක්ෂය නමින් දේශපාලන සංවිධානයක් හදාගෙන සජබ, පොහොට්ටුව, යූඑන්පිය සහ පොහොට්ටුව එක මේසයට එයි!

පළාත් පාලන ආයතන පිහිටුවීම නැමැති ඉලක්ක අරමුණක් වෙනුවෙන් එකට ඒකරාශී විය හැකි බවත්, පරස්පර විරෝධීකම් ප්‍රතිපත්ති වෙනස්කම් ඒ ආකාරයෙන්ම පැවතිය හැකි බවත් අද පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධව සංවිධානයක් පිහිටුවමින් මාධ්‍ය අමතා ප්‍රකාශ කළේය.

එම සංවිධානය පිහිටුවීමේ අරමුළ පැහැදිලි කිරීම සඳහා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරල, සමගි ජන බලවේගයේ මහ ලේකම් තිස්ස අත්තනායක සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික තිස්ස අත්තානයක එක්ව අද මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූයේය.

” පලාත් පාලන ආයතන බහුතරයක ඡන්දය ප්‍රකාශවෙලා ඇති ආකාරය දිහා බලපුවාම පොදු විපක්ෂයට ඡන්ද විශාල ප්‍රමාණයක් ලැබිලා තියනවා. එම ජන මතය ක්‍රියාත්මක කිරීම අපේ වගකීමක්. අපි එකට එකතුවෙලා ඒ ජනතා අපේක්ෂාව වෙනුවෙන් එකතු විය යුතුයි කියලා දේශපාලන පක්ෂ ගණනාවක් තීරණය කරලා තියනවා. අපේ සභිකයින්ට අපි දන්වලා තියනවා විවෘත ඡන්ද විමසීමක් අවශ්‍යයයි කියලා. අපේ මූලික අපේක්ෂාව තමයි පළාත් පාලන ආයතන 100කට අධික ප්‍රමාණයක් සඳහා පොදු විපක්ෂයේ බලය ලබා ගැනීම” තිස්ස අත්තනායක පැවසුවේය.

” රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ රටේ නිදහස යන දේ නැතිවෙමින් යනවා කියලා අපට පෙනී යනවා. මේ නිසා පක්ෂයක් හැටියට අපි තීරණය කරලා තියනවා මේ බලවේගය ගොඩනගලා මේ රටේ නිදහස ආරක්ෂා කිරීමට කටයුතු කරන්න. ” පොදු ජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් කීවේය.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරල පැවසුවේ පක්ෂ එකතු වී පොදු විපක්ෂය ගොඩනගා ගත්තේ වර්තමාන රජයට පළාත් පාලන ආයතනවල බලය නොදිය යුතුය යන ජනතාවගේ ස්ථාවරය වෙනුවෙන් බවය.

ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේ විපක්ෂයේ දේශපාලන පක්ෂ එක් වී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවිය යුතුය යන ස්ථාවරය පෙන්වා දි ඇති බැවින් එකතු වෙන බවත් පලාත් පාලන ආයතනවල බලය පිහිටුවීම යන කාරණයට එක් වුවද ප්‍රතිපත්ති පරස්පරතාවය සහ මතවාදීමය වෙනස්කම් පවත්වාගෙන යන බවත්ය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka