gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු ඇමතිවරයෙකුගේ බිරිඳ අත්අඩංගුවට!

හිටපු රාජ්‍ය අමාත්‍ය දුනේෂ් ගංකන්දගේ බිරිඳ වන වන කුෂානි නානායක්කාර, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ගොනු කරන ලද දිගු කාලීන ආදායම් බදු වංචා නඩුවක් සම්බන්ධයෙන් නිකුත් කරන ලද විවෘත වරෙන්තුවක් අනුව ඇය මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත.

රුපියල් මිලියන 700කට වැඩි ආදායම් බදු ගෙවීමට අසමත් වූ බවට චෝදනා යටතේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුවකට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

නානායක්කාර ග්‍රීන් ලංකා ට්‍රැවල්ස්, ග්‍රීන් සීඩ් ලංකා සහ ග්‍රීන් ශ්‍රී ලංකා ෂිපිං යන සමාගම්වල අධ්‍යක්ෂවරියක් වේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නැවත නැවතත් දැනුම් දීම් ලැබුණද, මෙම සමාගම් හරහා උපයාගත් ආදායම් මත බදු ගෙවීම ඇය හිතාමතාම මඟ හැර ඇති බව ඇයට එරෙහි චෝදනාවයි.

ඇය අධිකරණය ඉදිරියේ දිගටම නොපෙනී සිටීම හේතුවෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සමන් පත්‍ර තුනක් සහ පසුව විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත.

මහේස්ත්‍රාත්වරයා විසින් වැඩබලන පොලිස්පති (IGP) ප්‍රියන්ත වීරසූරිය වෙත ඍජු නියෝගයක් නිකුත් කරමින් ඇය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස උපදෙස් දුන් බව වාර්තා විය.
මෙම නියෝගය අනුව, අධ්‍යක්ෂ SSP ෂානි අබේසේකර මහතාගේ අධීක්ෂණය යටතේ CCIB විසින් විශේෂ මෙහෙයුමක් පවත්වා සෙනසුරාදා නාරාහේන්පිට දී නානායක්කාර අත්අඩංගුවට ගෙන ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka