gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් ඩොක්ටර් මහේෂිගේ පැටිකිරිය ෆේස්බුක් එකෙන් එළියට එයි!

මගේ අම්මා 2020 ජයවර්ධනපුර hospital එකේ stroke එකක් හැදිලා ඉන්න කොට ඔලුවේ තියන ලේ drain කරන්න ඔපරේෂන් එකක් කරන්න ඔනේ කියලා නර්ස් කිව්වා, මං කීයක් යයිද කියලා අහැව්වාම clark කෙනෙක් ගෙන් අහන්න කිව්වා, මම ඇහැව්වාම ලක්ෂ 8 විතර යයි කිව්වා. Equipment ගන්න ඔනේ කිව්වා.

මම කෝකටත් කියලා second opinion එකක් ගත්තා, ගත්ත MRI ඉල්ලුවාම hospital එකෙන් දෙන්න බෑ කිව්වා, හොද වෙලාවට මම hospital room එකේ ඉන්න කොට මං එවායේ photo අරං තිබ්බා. ඒවා පේන්නුවාම කිව්වා මේ ඔපරේෂන් එක මේ වෙලාවේ කරලා වැඩක් නෑ , අනික ඔය ඔපරේෂන් එකට ලක්ෂ 8 ක් යන්නේ නෑ එක ඔලුව drill කරලා ලේ එලියට ගන්න system එකක් කියලා, ඒ equipment එච්චර ගනන් නෑ කියලා.
ඒ නිසා මං ජයවර්ධනපුර hospital එකෙන් discharge කරලා වෙනත් රෝහලකට මාරැ කරන්න තිරණය කලා.

ජයවර්ධනපුරෙන් discharge කරන්න සල්ලි ගන්න atm පෝලිමේ ඉන්නකොට මට ඇහුනා අර clark, මනුස්සයෙක්ට කියනවා එයාගේ ලෙඩාට ඔළුව ඩ්‍රිල් කරලා ලේ ඉවත් කරන්න ඕනේ ඒකට ලක්ෂ දහයක් විතර යයි, කරන surgery equipment එක එළියෙන් ගන්න පුළුවන් ඊට අඩුවෙන් කියලා.

ඒ මනුස්සයා ගේ දැරැවා/ නෑදෑයා හිටියේ මගේ අම්මා හිටපු යුනිට් එකේ, මම discharge කරන කොලේ දෙන්න යනකොට කොට lift එක ගාව ඒ මිනිස්සු කතා වෙනවා සල්ලි හොයන විදිය ගැන, ඒ තරැණ රෝගියා ඉතාම අමාරු තත්වයේ හිටියේ, ඒ මිනිස්සුන් දෙපාරක් හිතන්නේ නැතිව සල්ලි දෙන්න හිටියේ. මම දැනුවත් කළා මෙහෙම ජාවාරමක් කරනවා, ඔය equipment වලට එච්චර ගානක් යන්නේ නෑ කියලා. මම දන්නේ නෑ ඒ මිනිස්සු මොනවා කලාද කියලා.
මමත් අම්මා සම්බන්ධයෙන් මානසික ආතතියෙන් හිටි නිසා පැමිණිලි කලේ නෑ.

මේ ස්නායු ශල්‍ය ඒකකයෙ හිටියේ මහේෂි විජේරත්න. මම ඩොක්ටර්ට කතා කරන්න ඉල්ලුවහම කිසිවිටකත් ඇය කතා කරන්නේ නැහැ. සියලුම දේවල් කතා කරන්නේ නර්ස් ලයි ක්ලාක් කියන පුද්ගලයායි. මේ දොස්තර නෝනා අර ඔපරේෂන් එක කරන්න ඕනේ කියලා මිනිස්සුන්ව ප්‍රෙශර් කරනවා ඔවුන් හරහා.

මං දන්න තරමට මේ මහේෂි විජේරත්න ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩලයේ පවා ඉන්නවා. දුමින්ද සිල්වා රොහල් ගත කරලා රටින් පිට කරන්න සම්පූර්ණ වෛද්‍ය වාර්තා දුන්නේ මේ නෝනා. දේශපාලන බලය අතේ තියාගෙන මේ ජවාරම් වැඩ ඔක්කොම කරන්නේ.

මේ දොස්තර නෝනගේ සියලුම දේපළ ආදායම් දේපල උපයාගත් ආකාරය ගැන සොයා බලන්න ඕනේ. වංචනික ආකාරයෙන් මුදල් උපයාගත් මුදල් නීතිය රැහැනට හසු කරන්න ඕන.

අනුර ජනාධිපති නොවී ජජබේ ආණ්ඩුවක් තිබුණේ නැත්නම් මේ වගේ හොර දොස්තරලා නීතියෙන් රිංගා යනවයි කියන එක අහන්න දෙයක් නෙමෙයි.

ප.ලි

මම මගේ මිත්‍ර නීතිඥ ප්‍රජාවගෙන් ඉල්ලන්නේ නෑ මේ නෝනා වෙනුවෙන් පෙනී සිටින්න එපැයි කියලා. මම ඉල්ලනවා එක දෙයක් ඒ නීතිඥ මහත්වරුන්ගේන්, ඔබට හැකි උපරිම ගාස්තුව ඇගෙන් අය කරන ලෙස.

නීතිඥ වරැණ දයානන්ද
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka