ජාතික ජන බලවේගයට සේරුවිල ප්‍රාදේශීය සභා බලය පිහිටුවීමට සර්ව ජන බලය පක්‍ෂයේ මන්ත‍්‍රිවරයෙකු සහාය ලබා දී ඇත.
එහි සභාපති සහ උප සභාපති වරුන් පත් කර ගැනීමට පැවති ඡන්ද වීමසීමේදී එම මන්ත‍්‍රීවරයා ඒ සදහා සහාය ලබා දී තිබේ.
මේ හේතුවෙන් එම පක්‍ෂය විසින් විනය පරීක්ෂයකින් අනතුරුව අවසන් තීරණයක් ලබා දෙන තුරු මන්ත‍්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත් හිටුවා ඇත.
