gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උඩරට දුම්රිය මාර්ගයේ වෙන්න ගිය දැවැන්ත අනතුරක් කාන්තාවක් නිසා වැළකෙයි…

උඩරට දුම්රිය මාර්ගය ගිලා බැස ඇති බවට කාන්තාවක් විසින් ලබා දුන් තොරතුරක් මත දැවැන්ත විනාශයක් වළක්වා ගැනීමට හැකි වී තිබේ.
මහනුවර අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දුම්රිය මාර්ගයේ ඇති වූ මෙම හදිසි ගිලා බැසීම අද උදෑසන 6.30ට පමණ දැක ඒ බව දුම්රිය පාලනාධිකාරියට දැනුම් දී තිබුණේ ගැටඹේ ප්‍රදේශයේ පදිංචි චම්පිකා විජේරත්න නැමැති කාන්තාවකි.
නිවසේ සුරතලයට ඇති කරන සුනඛයා සමඟ ඇය පෙරවරු 6.30 ට පමණ දුම්රිය මාර්ගය දෙසට පැමිණෙන විට මෙම ගිලා බැසීම දැක තිබේ.  අඩු 10-05 අතර පළලට අඩි 15ක් පමණ ගැඹුරට මෙම කොටස ගිලා බැස තිබී ඇත.

තොරතුර අනුව වහා ක්‍රියාත්මක වූ පාලක මැදිරිය දුම්රිය ධාවනය අත්හිටුවා අදාළ ස්ථානය නිරීක්ෂණය කර තිබේ. ගිලා බැස තිබෙන ස්ථානය නිරීක්ෂණය කරමින් සිටිද්දී පේරාදෙණිය දෙසින් මහනුවර දක්වා දුම්රියක් පැමිණ ඇත. මාර්ගය ගිලා බසින ලද ස්ථානය ආසන්නයේ දී මගීන් බස්සවා දුම්රිය ආපසු ධාවනය කරවීමට දුම්රිය බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ වනවිටත් මහනුවර සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන කාර්යාල දුම්රිය සහ නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය එම ස්ථානය පසුකර ගොස් තිබුණ බැවින් දුම්රිය ගමන් කර විනාඩි කීපයකට පසු මෙම ගිලා බැසීම සිදුවන්නට ඇතැයි දුම්රිය බලධාරිහු කියති. දැනට සිදුකර ඇති විමර්ශනයේ දී පැහැදිලි වී ඇත්තේ දුම්රිය මාර්ග ඉදිකරන සමයේ සිට පැවති කානු පද්ධතියක් කඩාගෙන යෑමෙන් මෙම ගිලා බැසීම සිදුවි ඇති බවය.

මෙම ගිලා බැසීම යථාතත්ත්වයට පත් කිරීම ආරම්භ කර ඇති නමුත් දින කිහිපයක් යනතෙක් මහනුවර පේරාදෙණිය අතර දුම්රිය ගමනා ගමන කටයුතු ඇන හිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ කොළඹ බදුල්ල දුම්රිය ගමනා ගමනයට කිසිදු බාධාවක් එල්ලවී නොමැති බවත්, කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගන්නා දුම්රිය පේරාදෙණිය දුම්රිය ස්ථානයෙන් නතර කෙරෙන බැවින් මහනුවරට පැමිණෙන මගීන් වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත පේරාදෙණියේ සිට මහනුවර දක්වා විශේෂ බස් රථ දෙකක් යොදවා තිබෙන බවත් දුම්රිය බලධාරීහු කියති.

චම්පිකා විජේරත්න


දුම්රිය මාර්ගය ගිලා බැස ඇති ආකාරය…
-lankasara

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka