gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වෙසක් පොහොය දින නිදහස් කිරීමට ජනාධිපතිවරයා අත්සන් කළ සිරකරු ලයිස්තුවේ අනුරාධපුරයේ මූල්‍ය අපරාධකරු නෑ… බන්ධනාගාර නිලධාරීන් ගැසූ කුපාඩි ගේම ගැන විමර්ශනයක් ඇරඹෙයි…

ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව යටතේ නිදහස් කළ බව කියන මූල්‍ය වංචාකාර සිරකරුවෙක් ලෙස අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි අතුල තිලකරත්න නැමැත්තා නිදහස් කිරීම සඳහා ජනාධිපති සමාව දීමට ජනාධිපතිවරයා අත්සන් කර නැති බවත් ජනාධිපතිවරයා වෙත යොමුකළ නාම ලේඛනය කූට ලෙස වෙනස් කරමින් අදාල පුද්ගලයා නිදහස් කිරීමට යම් කිසි නිලධාරීන් කණ්ඩායමක් පහත් කුමන්ත්‍රණයක යෙදී ඇති බවත් මේ වනවිට හෙළි වෙමින් තිබේ.

අද ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ 2025-05-06 දාතමින් හා 06/01/යෝජිත /ජ.පො.සමා/වාර්:/05-12/2025 අංකයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් ජනාධිපති කාර්යාලය වෙත එවන ලද පොදු සමාව හිමි විය යුතු සිරකරු නාම ලේඛනයේ අන්තර්ගත නම් 388 අතර එම ලේඛනයේ කිසිදු තැනක අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවකට අදාළව සිරගතව සිටි පුද්ගලයාගේ නම ඇතුළත්ව නැති බවය.

එනම් සමාව දීම සඳහා ජනාධිපතිවරයා විසින් අනුමැතිය දෙන ලද නම් 388ට එම පුද්ගලයා කිසිසේත් ඇතුළත්ව නැති බවය. රටත් රජයත් ජනාධිපතිවරයාත් දරුණු අපකීර්තියකට පත් කරමින් මේ අපරාධය කළ බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ 2025.05.12 වන දිනට යෙදී තිබූ වෙසක් පොහොය දිනය නිමිතිකොට ගෙන 2025.05.05 දින වන විට බන්ධනාගාරගතව සිටින රැඳවියන් සඳහා ජනාධිපතිවරයා පිරිනමන වෙසක් පොදු සමාව යටතේ ඔහුව නිදහස් කර ඇති බවය.

එම කොන්දේසිවලට යටත්ව මෙම සිරකරු ද ගෙවීමට තිබෙන දඩ මුදල් අහෝසි වීම මත නිදහස් වී ඇති බවත් මෙම සමාව කිසිසේත් උක්ත පුද්ගලයා කේන්ද්‍රකර සිදු කරන ලද්දක් නොවන අතර පොදුවේ සිරකරුවන් උදෙසා පිරිනැමූ ජනාධිපති සමාවක් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ලිඛිතව පැවසුවේය.

ජනාධිපතිවරයා විසින් අත්සන් කර අවසර ලබාදුන් සිරකාර නාම ලේඛනයේ අන්තර්ගත නොවූ කුප්‍රකට මූල්‍ය අපරාධකරුවෙක් ජනාධිපති සමාව යටතේ නිදහස් කළ සිරකරුවන් යටතට ඇතුළත් වූ ආකාරය සම්බන්ධව පූර්ණ විමර්ශනයක් අපේක්ෂාවෙන් “ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධව” යන ශීර්ෂය යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් යොමු කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

මේ සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

වෙසක් උත්සවය වෙනුවෙන් සිරකරුවන්ට සමාව දීම – 2025
2025 වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්.එච්. අතුල තිලකරත්න නැමති අයෙක් නිදහස් කර ඇති බවටත්, එම සිදුවීම පිටුපස බරපතළ අක්‍රමිකතාවක් ඇති බවටත් පළ වෙමින් තිබෙන පුවත් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 34 (1) වගන්තියට අනුව සිරකරුවන්ට පොදු සමාවක් ලබා දීමට ජනාධිපතිවරයාට බලය හිමිව තිබේ. ඒ අනුව බන්ධනාගාර අධිකාරිවරුන් විසින් තෝරා ගන්නා සිරකරුවන්ගේ නාම ලේඛනයක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කරනු ලබයි. එම ලේඛනය අධිකරණ අමාත්‍යාංශය මගින් පරීක්ෂා කර බලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කරනු ලබන අතර ඒ අනුව ජනාධිපතිවරයාගේ අනුමැතිය මත එම සිරකරුවන්ට පොදු සමාව හිමි වේ.

කෙසේ වුවද ඉහත සිදුවීමට අදාළව 2025-05-06 දාතමින් හා 06/01/යෝජිත /ජ.පො.සමා/වාර්:/05-12/2025 අංකයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් ජනාධිපති කාර්යාලය වෙත එවන ලද පොදු සමාව හිමි විය යුතු සිරකරු නාම ලේඛනය නම් 388කින් සමන්විත අතර එම ලේඛනයේ කිසිදු තැනක අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවකට අදාළව සිරගතව සිටි පුද්ගලයාගේ නම ඇතුළත් නොවේ. එනම් සමාව දීම සඳහා ජනාධිපතිවරයා විසින් අනුමැතිය දෙන ලද නම් 388ට එම පුද්ගලයා කිසිසේත් ඇතුළත්ව නැත.

මේ සිදුවීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඊයේ (06) දින “ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධව” යන ශීර්ෂය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කරනු ලැබ තිබේ.

මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමටත්, වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් ඉදිරියේදී කටයුතු කෙරෙනු ඇත.

-lankasara
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka