සමලිංගික විවාහ අපරාධයක් නොවන බවටවූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් Volker Türk කළ ප්‍රකාශය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රතික්ෂේප කර තිබේ. ශ්‍රී ලංකාවේ සිව් දින සංචාරය අවසානයේ බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවකදී Volker Türk ප්‍රකාශයට අධිකරණ අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රතික්ෂේප කිරීම සිදුකර ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
“සමලිංගික සබඳතා අපරාධයක් නොවන බවට පනත් කෙටුම්පත මා සාදරයෙන් පිළිගන්නවා. එය පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති බව මගේ වැටහීමයි,” Volker Türk පැවසීය.
කෙසේ වෙතත්, අධිකරණ අමාත්‍යවරයා පැහැදිලි කළේ “මේ අවස්ථාවේ අමාත්‍යාංශයේ න්‍යාය පත්‍රය තුළ කිසිදු තහවුරු කළ කාලරාමුවක් සහිත කිසිදු නිල අවධියක මෙවැනි පනත් කෙටුම්පතක් නොමැති” බවය.
සමලිංගික සබඳතා දැනට දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන යටතේ දඬුවම් ලැබිය හැකි වරකදි. සම ලිංගික සම්බන්ධතා අපරාධයක් නොවන බවට අදාල විධිවිධාන සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් අවශ්‍ය වනු ඇත. අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ උක්ත සංශොධනය පිළිබඳ පනත් කෙටුම්පතය.
කෙසේ නමුත් ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටි වකවානුවේ දි සමලිංගික සබඳතා අපරාධයක් නොවන බවට වූ සමාජ කථිකාවක සිටියේය. ඒ පනත් සංශෝධනය කිරීම සඳහා ඇතිවුන සමාජ මතයට සහයෝගය පළ කළේය. සමස්ථයක් ලෙස ජාතික ජන බලවේගය LGBTQ ප්‍රජාව සඳහා නිරන්තරයෙන් දැඩි මානුෂික සහයෝගයක් පවත්වාගෙන ගියේය.
පසුගිය වසරේ ජුනි මාසයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එවකට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ප්‍රේම්නාත් දොලොවත්ත විසින් ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනතකට ජාතික ජන බලවේගය සහාය දෙන බව අවධාරනය කළ අතර එහි තුන්වන කියවීමේදී පනතට සහාය දෙන බවට පොරොන්දු විය.
කෙසේ වෙතත්, පසුව පැවති මැතිවරණයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව, පනත් කෙටුම්පත අවලංගු කරන ලදී.
2019 දී ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේදී, ජනාධිපති අනුර කුමාර දිසානායක ද ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගික දිශානතිය මත පදනම් වූ අසමානතාවයන් අහෝසි කරන බවට පොරොන්දු වූයේය.
-lankasara