කොළඹ මහ නගර සභාව සඳහා නව නගරාධිපති වශයෙන් ජාතික ජන බලවේගයේ ව‍්‍රායි කැළී බල්තසාර් මහත්මිය තේරී පත්වී ඇත. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කිසිවෙකුට පැහැදිලි බහුතරයක් නොතිබූ හෙයින් අද සභාවේදී ඡන්ද විමසීමක් සිදු කරන ලදී.
ඒ අනුව සභිකයන්ගේ බහුතර පිරිසකගෙන් ඡන්ද 61ක් හිමිකර ගැනීම මත නව නගරාධිපතිවරයා පත් කර ගන්නා ලද්දේ පලාත් පාලන කොමසාරිස්වරියගේ ප‍්‍රධානත්වයෙනි.