gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ටෙහෙරානයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය ඉවත් කර ගත්තා…- විදේශ ඇමති

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එතැනින් ඉවත් කිරීමට පියවර ගත් බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ කටයුතු මේ වන විට වෙනත් ස්ථානයක සිට සිදු කරමින් පවතින බවයි.

මේ අතර, මැදපෙරදිග මතුව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවද අමාත්‍යවරයා හෙළි කළේය.

තුවාල ලැබූ සියලු දෙනා ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් බව සඳහන්ය.

ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වන අතර, අනෙක් තිදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බවද වාර්තා වේ.

තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සොයා බලමින් සිටින්නේ තානාපති කාර්යාලය මැදිහත් වීමෙන් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka