gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශිරන්තිගේ සහෝදරයා රිමාන්ඩ් කෙරේ..

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ එළැඹෙබ ජූලි 01 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ගුවන් ගමන් වෙනස් කිරීමක් හා දේශපාලන රැස්වීමකට සමාගමේ මුදල් යෙදවීමෙන් රජයේ මුදල් අවභාවිත කලේ යයි සිදුකරන ලද විමර්ශනයකට අදාළවයි.

අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

2014.01.22 වන දින මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ අංක UL319 දරන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මඟින් රජයට ඇ.ඩො. 4512 ක් පාඩු කිරීම

2014.01.26 වන දින මාලදිවයිනේ සිට ලංකාවට පැමිණ ප්‍රංශය බලා පිටව යාමට සිටි මගීන් 75 දෙනෙකු අංක UL563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මඟින් ඇ.ඩො. 19,160 ක් රජයට පාඩු කිරීම

2014.12.19 වන දින කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රජයේ මුදල් 1,250,000/- වියදම් කිරීම.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka