gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්‍රශ්නගත සැකකරු නිදහස් කරන්න කටයුතු කරලා තිබෙන්නේ අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් කරන සිරකරුවන් ලිස්ට් එක එන්නත් කලින්දැයි සැකයි… අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයට දන්වයි!

වැඩ තහනමට ලක් වූ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂා උපුල්දෙණිය කටයුතු කර ඇත්තේ අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාගෙන් නිදහස හිමිවන සිරකරුවන්ගේ නම් ලයිස්තුව ඇතුළත් ලියුම ලැබීමට පෙර ප්‍රශ්නගත හිරකරු නිදහස් කර යැවීමට කටයුතු සම්පාදනය කර තිබුණේදැයි සැකයක් ඇතිවන බව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අද (10) අධිකරණයේ දී ප්‍රකාශ කළේය.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා යටතේ පැවති ලිපි ලේඛන දුටු විට මවිතයට පත් වූ බවත්, දාතමක්, යොමු අංකයක් නැති එම ලිපි ලේඛණ දෙස බැලූ විට මෙම නිලධාරීන් කටයුතු කර ඇත්තේ පහේ ශිෂ්‍යත්ව දරුවන් ලෙස බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට කීවේය.

ජනාධිපති පොදු සමාව අවභාවිතා කරමින් සිරකරුවන් අනීතිකව නිදහස් කිරීම සම්බන්ධව අත් අඩංගුවට ගත් තුෂාර උපුල්දෙණිය අද දහවල් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් මෙම සිද්ධිය සම්බන්ධව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ඔහුව අද දහවල් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක වෙත ඉදිරිපත් කෙරිණි.

එහි දී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙසේ ද පැවසුවේය.

“ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 338ක් නිදහස් කිරීමට තිබූ අතර සිරකරුවන් 36ක් අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් කිරීමට නම් කර තිබෙනවා. නමුත් මේ විත්තිකරුගේ නම ඒ නාම ලේඛනයේ නෑ. එවන් පසුබිමකයි මේ සැකකරු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා තිබෙන්නේ. මේ සියලු සිදුවීම් සිදුව තිබෙන්නේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගේ අනුදැනුම ඇතිව. ”

“මේ සිදුවීමේ දී අධිකරණ බලය අවභාවිත වෙලා තියෙනවා. නීතියේ ආධිපත්‍යයටයි මේ දැඩි පහර එල්ල කරලා තියෙන්නේ. අධිකරණය මගින් ලබාදෙන දඬුවම පවා නොසලකා හැර මේ රාජ්‍ය නිලධාරීන් කටයුතු කරලා. බන්ධනාගාරය තුළ වෙනම අධිකරණයක් ක්‍රියාත්මක වෙලා. මොවුන් මොවුන්ට අවශ්‍ය පුද්ගලයින්ට තමා සමාව දීලා තියෙන්නේ. මේක ජනාධිපති සමාව නෙමෙයි. මේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්රවරයාගේ සමාව.”

“මේක පුලුල් විමර්ශනයක්. මේ ගාන වෙනස් විය හැකිියි. මේ සැකකරු විතරක් නෙමෙයි මේ ආකාරයට නීතිය අවභාවිතා කරපු සෑම නිලධාරියෙක් සම්බන්ධවම අපි නීතිය ක්‍රියාත්මක කරනවා. සම්මත නීතියෙන් පිට ගොස් කටයුතු කරලා තිබෙන සෑම බන්ධනාගාර අධිකාරීවරයෙක්ම දැන් ලෑස්ති වෙලා ඉන්න. අපි විමර්ශන ආරම්භ කරලා තියෙන්නේ. ”

“ඒ වගේම තමයි ස්වාමීනී මේ සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මොහු භාරයේ තිබී ලබා ගත් ලේඛන පිළිබඳව අපි විමසුවා. ඒ ලේඛන රාජ්‍ය ආයතනයක පවත්වාගෙන ගිය ලේඛන ද කියලා හිතෙනවා. දින, දවස්, යොමු අංක කිසිවක් නෑ ඒ ලේඛනවල. රටේ පිළිගත්ත බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ක්‍රියා කරලා තියෙන්නේ පහේ ශිෂ්‍යත්ව දරුවන් වගේ.”

“ස්වාමීනී…. අපට මේ වනවිට සැකයක් මතු වෙලා තියනවා මේ සැකකරු අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාගෙන් නිදහස හිමිවන සිරකරුවන්ගේ නම් ලයිස්තුවක් ඇතුළත් ලියුම ලැබීමට පෙර ප්‍රශ්නගත හිරකරු නිදහස් කර යැවීමට අදාල කටයුතු කරලා තියනවා ද කියලා. ”

“පසුගිය වෙසක් පොහොය දින ජනාධිපති සමාව සැකකරුවන් 388කට හිමි වෙලා තියනවා. හැබැයි ඊට සුසුදුකම් හිමි නොවන සිරකරුවන් පිරිසක් ද ඒ නම් ලයිස්තුවට ඇතුළත් කරලා තියෙනවා. මේක කාලයක් සිදුවූ දෙයක්. ”

සිද්ධිය පිලිබඳව විත්තියේ නීතිඥයින්ගේ ඇප ඉල්ලීමට අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා විරෝධය පල කළේය. නඩුව විභාග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක වැඩ තහනම් කළ  බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා  හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට නියෝග කළේය.

-lankasara
 
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka