gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වරායෙන් පැන්නූ බව කියන කන්ටේනර් 323 ඇතුළෙ තියෙන්නේ අනාථවුන දේශපාලන කල්ලිවල අහිංසක බලාපොරොත්තු… උත්තර දෙන්න සීඅයිඩී ඒකටයි අධිකරණයටයි භාර දෙමු… ඇමති බිමල් කියයි!

වරායෙන් පැන්නූ බවට චෝදනා කරමින් ඇති කන්ටේනර් 323හි ඇත්තේ කන්ටේනර් ඇතුළෙ තියෙන්නෙ ඔය අනාථවූ දේශපාලන කල්ලිවල අහිංසක බලපොරොත්තු බව ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේය.  
රේගු දෙපාර්තමේන්තුව ඇත්තේ තමන් යටතේ නොව මුදල් අමාත්‍යාංශය යටතේ බව හෝ නොදන්නා සියල්ල දත් මාධ්‍ය නාලිකා දෙකට සහ කුලී වෙබ් ලියන්නටත් අනාථ වුන දේශපාලන කණ්ඩායම්වලටත් අවශ්‍ය පිළිතුර සැපයීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අධිකරණයට භාර දී බලාගෙන සිටින බව ද ඇමතිවරයා කීවේය.

ඔහු ඊයේ  විශේෂ වැඩසටහනකින් අනතුරුව ආන්දෝලනාත්මක කන්ටේනර් 323 පිළිබඳව මාධ්‍ය අමතා පැවසුවේ මෙවැන්නකි.

රේගුව මගේ යටතේ නෙමෙයි නෙ තියෙන්නේ. ඒක දැනගන්න තියෙන්නේ රේගුවෙන්. වරාය ඇතුළෙ රේගු දෙපාර්තමේන්තුව ක්‍රියාත්මකයි. රේගු දෙපාර්තමේන්තුව අයිති මුදල් අමාත්‍යාංශයට. රේගු දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ ඔවුන්ගේ පනතකට අනුව. ඒ්ක තමයි පවතින පරණම පනත.

අපට කියන්න තියෙන්නේ මේකයි. අපි හැම දෙයක්ම දන්නේ නෑ නෙ. ඒත් ලංකාවෙ ජන මාධ්‍ය ආයතනයක් දෙකක් තියනවා, ඒ ගොල්ල ඔක්කොම දන්නවා. ඒ වගේම පඩි ගෙවලා වැඩ කරන සෝෂල් මීඩියාවල කීප දෙනෙක් ඉන්නවා සියල්ල දන්න. නමුත් ඔය හුඟක් දන්නෙත් නැ,  මගෙන් පාර්ලිමේන්තුවෙදි මේ සම්බන්ධව ප්‍රශ්නයක් ඇහුවා මන්ත්‍රීවරයෙක්… මට හොඳටම ෂුවර් එතුමා රේගුව කියන්නේ මොකක්ද වරාය කියන්නේ මොකක් ද කියලා දන්නෙ නෑ.

රේගුව කියන්නේ මේ අවුරුදු 150-200ක් පැරණි දෙපාර්තමේන්තුවක්.
හැබැයි මේ අය බිල්ලො මවන්න හදනවා. ලෝකේ මොන වරාය ද සියලුම කන්ටේනර් පරීක්ෂා කරන්නේ. එතනින්නේ ප්‍රශ්නය පටන් ගන්න ඕන. පරීක්ෂා කරන්න පුලුවන්… පරීක්ෂා කරන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ… ඊට පස්සේ අනික් පැත්තෙන් කියනවා ලුණු හිඟයි, සීනි හිඟයි කියලා.

මේ රටේ රාජපකෂ යුගයෙන් පස්සේ වැළලිලා ගිය දේශපාලනයක් තියනවා. තාම ඒකෙ අවතාර ඉතිරි වෙලා තියනවා මාධ්‍ය ක්ෂේත්‍රයේ. ඒ අවතාර හිතනවා ජනතාව ගොනාට අන්දන්න පුලුවන් කියලා නොදන්න පුංචි පුංචි දේවල්වලින්.

ලෝකයේ ලොකුම වරායකවත් කොච්චර තාක්ෂණය තිබුණත් බහාලුම් සියල්ල පරීක්ෂා කරන්නෙ නෑ. අන්තර්ජාතිකව පිළිගත්තු ක්‍රමවේද තියනවා. අවුරුද්දු 10-15 තිස්සේ කම්පැනිවලින් කිසිම වැරැද්දකින් තොරව වංචාවකින් තොරව බඩු ගෙනාවට පස්සේ ඒ ගොල්ලන්ට අන්තර්ජාතිකවම ක්‍රමවේදයක් තියනවා,  ඒ අයගේ භාණ්ඩ ග්‍රීන් චැනල් එකේ එවන්නේ. ඒවා චෙක් කරන්නේ නෑ. දෙයක් හරියට කරන මිනිස්සුන්ට හරියාකාරව නීතිගරුකව කරන නිලධාරීන්ට එහෙම අවස්ථාවක් තිබිය යුතුයි. ඒක ලංකාවෙ විතරක් නෙමෙයි, ලෝකෙ පුරාම කරන දෙයක්.

වැලේ වැල් නැතිව ඉන්න නිසා විපක්ෂයටත් මොකක් හරි චාන්ස් එකක් තියෙන්න එපැයි. ඒගොල්ලන්ගේ අහිංසක බලපොරොත්තු තියෙන්නේ… කන්ටේනර් ඇතුළෙ තියෙන්නෙ ඔය අනාථ වේච්චි දේශපාලන කල්ලිවල අහිංසක බලපොරොත්තු. මේකෙන්වත් ගොඩ යන්න බලාගෙන.

මම හිතන්නේ සීඅයිඩි එකටයි අධිකරණයටයි අපි භාරදෙමු ඒකෙ අවසාන පිළිතුරු ලබා දෙන්න. ඇමතිවරයා කීවේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka