gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්ටවල් එකේදි මත් වෙලා ඉන්ටවල් එකෙන් පස්සේ විකල්වෙන 9 වසරේ පොඩි උන් ගැන ප්‍රජා පොලිස් ප්‍රධානියා පොලිිසියට කී කතාව…

9 වසරේ පාසල් දරුවන් පවා පාසලේ දිවා විවේක කාලයේ මත්ද්‍රව්‍ය භාවිතා කර දිවා විවේකයෙන් අනතුරුව විකල්වන ආකාරය සම්බන්ධ අත් දැකීමක් ප්‍රජා පොලිස් කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර පැවසුවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ප්‍රජා පොලිස් කමිටු පිළිබඳ නිකුත් වී ඇති නව චක්‍රලේඛයට අදාලව පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුම්වත් කිරීමට නියෝජ්‍ය මහජන ආරක්ෂක ඇමති සුනිල් වටගලගේ ප්‍රධානත්වයෙන් පැවැති වැඩමුළුවක් අමතමිනි.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සිය කතාව අතර පැවසූ සිද්ධිය මෙසේය.

මම ඊයේ ගියා ලංකාවේ අංක එකේ පිරිමි පාසලක්. ඒක ඉතාම ඉහළ පැලැන්තියේ පිරිමි පාසලක්. ඒකේ මට එක ටීචර් කෙනෙක් කියනවා 9 වසර වගේ ළමයි විවේක කාලයෙන් පස්සේ හරි අමුතුයිලු.

මම ඒ මිස් ගෙන් ඇහුවා මොකක්ද අමුත්ත කියලා. අනේ දන්නේ නෑ මහත්තයා. නිකම් මං දිහා බලන්නෙත් අමුතු විදිහට. මට හරි බයක් දැනෙනවා.

දැන් ඒ මිස් නොකියා කීවේ මේ විවේක කාලයෙන් පස්සේ මේක වෙන්නේ. ඇය සැක කරනවා විවේක කාලයෙන් පස්සේ ළමයින් මොනවා හරි මත්ද්‍රව්‍යයක් භාවිතා කරනවා කියලා.

මේකෙ ළමා ආරක්ෂාව අපට ඉතාම වැදගත් එකක්. ඒකේ දීර්ඝ කාලීන ප්‍රතිඵල ගන්න පුලුවන් ආනාගතයෙදි. මේ දරුවන් අපයෝජනය වීම වලක්වා ගත්තොත් දීර්ඝ කාලීන ප්‍රති පල ගන්න පුලුවන් රටක් විදිහට අනාගතයෙ දි. ප්‍රජා පොලිස් කමිටුව කාන්තා ළමා ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය සම්බන්ධව අවධානය යොමු කළ යුත්තේ මේ නිසා.

ගමේ ප්‍රශ්නය බේරගන්න සැලකිය යුතු දායකත්වයක් කරගනිමු.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka