gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කන්ටේනර් 323 අපරාධයට බිමල් රත්නායක ඇමති ඍජුව සම්බන්ධයි… ඔහු කළේ මහ බැංකුව කැඩුවා වගේ අපරාධයක්… කවදහරි ඒ අපරාධයට දඬුවම් දෙනවා… දයාසිරි සහහතික වෙයි…

බිමල් රත්නායක ඇමතිවරයා තමන්ට හිමි නැති බලයක් යොදවා ඒඅයි තාක්ෂණය මගින් හඳුනාගෙන රතු ලේබල් සහිතව නිදහස් කළ කන්ටේනර් 323 සම්බන්ධ අපරාධයෙන් ආණඩුවට ගැලවීමට කිසිම ඉඩක් නොතබන බව දයාසිරි ජයසේකර ඊයේ මහ රෑ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ප්‍රකාශ කළේය.

කන්ටේනර් 323 නිදහස් කිරීමට බිමල් රත්නායක මැදිහත් වී ඇති ආකාරය තහවුරු වන බවත් අනිවාර්යයෙන් ඔහුට දූෂණය නැමැති වරද යටතේ මේ ආණඩුවෙන් නොහැකි වුවහොත් තමන්ගේ ආණ්ඩුවකින් හෝ බරපතල දඬුවම් ලබා දෙන බවත් කී දයාසිරි ජයසේකර පැවසුවේ සැකකටයුතු බහාලුම් රේගුව හරහා නිකුත් කර ඇතිනම් ඒ පිළිබඳව පසු විපරම් කිරීමට ඇති ආයතන එම රාජකාරිය කර ඇති දැයි තමන් ප්‍රශ්න කරන බවය.

ගැටලුව වන්නේ පරීක්ෂා නොකර බහාලුම්වලින් සියයට 60ක් නිදහස් කිරීම නොව, වැරැද්දක් සහිත සැකයට තුඩු දෙන බහාලුම් සියයට 40න් 323ක් නිදහස් කිරීම බව ඔහු කීවේය.

“මේ ආණ්ඩුවට ලැබෙන්නේ නෑ. අපි මේව හෙළිදරවු කළාම අපෙන් ප්‍රශ්න කරනවා. සීවලී අරුක්ගොඩ මහත්තයා කරපු ප්‍රකාශයෙන් ගාගෙන දැන් මේ අය ඇඟපුරා ඉන්නේ. මේක හොරකමක්. බිලියන ගානන බදු ආදායම අහිමි කරන හොරකමක්. අනාගතේ මේක සම්බන්ධව කටයුතු කරනවා.

අපි රේගුවට කියන්නේ රේගු දෙපාර්තමේන්තුවේ ගෞරවය කෙලෙසගන්න එපා. අරුක්ගොඩ මහත්තයා කියනවා කන්ටේනර් නිදහස් කරන්න කිසිම නියෝගයක් ආවේ නෑ කියලා. එහෙනම් රේගු අධ්‍යක්ෂ ජනරාල් තුමා නිකුත් කළ ප්‍රකාශය පිලිගන්නව ද නැද්ද. මේ සම්බන්ධව අනුර දිසානායක මහත්මයත් බිමල් රත්නායක මහත්මයත් එතුමාට උපදෙස් දුන්නා කියලා කියලා රේගු අධ්‍යක්ෂ ජනරාල් කියනවා.

තමන්ගෙම අධ්‍යක්ෂ ජනරාල් එවපු නිවේදනය තමයි සීවලී අරුක්ගොඩ මහත්මයා මේ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් ප්‍රතික්ෂේප කරන්න‍ෙ. අපි සීවලී අරුක්ගොඩ මහත්මයාට කියන්නේ ඔබතුමා හොඳ නිලධාරියෙක්. ආණ්ඩුවල කුණුවලට කරගහලා අනාගතය විනාශ කරගන්න එපා..”

දයාසිරි ජයසේකර කන්ටේනර් වංචාව සම්බන්ධව කළ ප්‍රකාශය පහත දැක්වේ.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka