gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිවරණ පූර්ව ප්‍රචාරක සමයේ පැවැත්වූ හරීන් ගේ “ස්මාට් යූත්” ආතල් එකේ නිරුවත විගණනය හෙළි කරයි… විදයම් කළ විදිහක් නැති වියදම කෝටි 3 පැනලා…

පූර්ව ජනාධිපතිවරණ ප්‍රචාරක කාලය තුළ දී ජාතික තරුණසේවා සභාව විසින් තරුණ්‍යය පීඩාවෙන් මුදාගැනීමේ තේමාව යටතේ ගාල්ල සමනළ ක්‍රිඩාංගනයේ පැවති ස්මාර්ට් යුත් ප්‍රදර්ශනය සහ සංගීත ප්‍රසංගය වෙනුවෙන් කැබිනට් අනුමැතිය ලබා ගන්නට පෙර, චක්‍රලේඛ උල්ලංඝනය කරමින් ඵලදායී නොවන ආකාරයෙන් රුපියල් තුන්කෝටි දාහතර ලක්ෂ, දාහත් දහස් හත්සිය හැත්තෑ අටක මුදලක් (3, 14, 17,778 ) වැයකොට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත.

2024 පූර්ව ජනාධිපති මැතිවරණ සමය වු 2024.06.14 හා 2024.06.15 යන දෙදින තුළ මෙම ස්මාර්ට් යුත් ප්‍රදර්ශනය සහ සංගිත ප්‍රසංගය පවත්වා තිබුණි.මේ සදහා අමාත්‍ය මණ්ඩල සංදේශ අනුමැතිය ලැබිමට පෙර හා අමාත්‍ය මණ්ඩල තීරණය ජාතික තරුණසේවා සභාවට දැනුම් දිමට පෙර ස්මාර්ට් යුත් ප්‍රදර්ශනය සහ සංගිත ප්‍රසංගය පවත්වා තිබුණි.

අමාත්‍ය මණ්ඩල සංදේශය සදහා 2024 ජුලි මස 15 වැනිදින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දි තිබු අතර ඒ බව 2024 ජුලි මස 23 වැනිදින ජාතික තරුණසේවා සභාව වෙත දැනුම් දී තිබුණි.

එමෙන්ම මෙහි ඉදිකරණු ලැබු ප්‍රදර්ශන කුටි ප්‍රමාණය, ඒ සඳහා දරනු ලැබු වියදම එමගින් ලැබු ආදායම පිළිබදව තොරතුරු විගණනය වෙත ඉදිරිපත්කොට නොතිබුණි.

කෘෂි අංශය විසින් රුපියල් මිලියන 2.22ක මුදලක් වැයකර සකස්කරනු ලැබු පොලිටනල් කුටිය මගින් පාඨමාලා සඳහා ලියාපදිංචිකරගත් සිසුන් සංඛ්‍යාවත් ඒ අනුව සිදුකරණු ලැබු බඳවා ගැනිම් පිළිබඳ තොරතුරුත් විගණනය වෙත ඉදිරිපත්කොට නොතිබු බවද මෙම විගණන වාර්තාවේ සදහන් වේ..

තාරුණ්‍යය පීඩාවෙන් මුදාගැනිමේ වැඩසහන් තුළ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව විසින් අනුමතකර නොතිබු මානසික සුවතා වැඩසටහනක් ලෙස සිහිනය වැඩසටහන හිටපු ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයාගේ ලිඛිත ඉල්ලිම මත මෙහි පවත්වා තිබුණි. මේ සඳහා වැයකොට ඇති මුදල රුපියල් මිලියන 1.9කි. එම වැඩසටහන සදහා අමාත්‍ය මණ්ඩල හෝ අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලබාගෙන නොතිබුණි. මෙම වැඩසටහන් සජීවි ලෙස පටිගත කොට තිබුනද එම විඩියෝ පට ජාතික තරුණසේවා සභාව සතුව නොතිබු අතර එවා විගණනය වෙත ඉදිරිපත් කොට නොතිබුණි.

මෙම වැඩසටහන් සඳහා භාණ්ඩ හා සේවා සපයාගැනිමේ දි විධිමත් ක්‍රම වේදයෙන් බැහැරව ජාතික තරුණසේවා සභාවේ හිටපු සභාපති හා ඔහුගේ කාර්යාලයෙන් සියලු කටයුතු කිරීම හේතුවෙන් විනිවිද භාවයකින් තොරව ප්‍රසම්පාන කටයුතු සිදුකර ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

තරුණයන්ගේ දැනුම කුසලතා නැංවිම ඔවුනට ශිල්පිය දැනුම ලබාදීම සඳහා පුහුණු කටයුතු සිදුකර ජාතික ආර්ථිකයට දායකවීමට අවස්ථාවක් සැලසීම සඳහා භාණ්ඩාගාර ප්‍රතිපාදන උපයෝගිකරගැනීම වෙනුවට හුදෙක් රසාස්වාදනය ලබාදීම සඳහා ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග පවත්වා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම ජාතික අයවැය චක්‍ර ලේඛය මගින් අරපිරිමැසුම්දායක ලෙස රජයේ වියදම් දැරිමත්, වියදම් අවම කිරිම කටයුතු කළයුතු බවට දන්වා තිබුනද ජාතික තරුණසේවා සභාව විසින් එම චක්‍ර ලේඛන උල්ලංගණය කරමින් කටයුතු කර ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

-ලලිත් චාමින්ද
-lankasara
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka