ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ලබා දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බලරහිත කරයි! කුඩු කිලෝ 200ක නඩුව ආපහු අහන්න මහාධිකරණයට නියෝග කරයි!
2019 වසරේ හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 196.8ක් ප්‍රවාහනය කරමින් සිටියදී උතුරු මුහුදේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම හා ජාවාරම් කිරීමේ චෝදනා ලබා සිටි ධීවරයින් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බල රහිත කළා.
ඒ අනුව අදාළ නඩුව යළි විභාග කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහාධිකරණයට නියෝග කළා.
එම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලක් විසින් ගනු ලැබූ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමට අවසර ලබා දෙමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළේය.
එම පෙත්සම එස්.තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ ,ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා.
මෙම නඩුවෙන් නිදහස් වූ විත්තිකරුවන් තුන්දෙනෙකු මේවන විට රටින් පළා ගොස් සිටින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් වනාවි අධිකරණයට දැනුම් දුන්නා.
ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තු නිකුත් කර රටින් පලාගොස් සිටින විත්තිකරුවන් තුන් දෙනා අත් අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර කටයුතු කරමින් සිටින බවත් ඔහු අධිකරණයට දන්වා සිටියා.
එම කරුණු ඇතුළත් මෝසමක් මේ මස 11වනදා හෝ ඊට පෙර ගොනු කරණ ලෙස විනිසුරු මඩුල්ල විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයාට දැනුම් දුන්නා.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ මෙම පෙත්සම සම්බන්ධයෙන් වන ලිඛිත දේශන දැනටමත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බවයි.
-mawratanews
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ලබා දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බලරහිත කරයි! කුඩු කිලෝ 200ක නඩුව ආපහු අහන්න මහාධිකරණයට නියෝග කරයි!
2025-06-10T12:22:00+05:30
Gossip Lanka Hot News






