gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිළි රැජිනගේ සමු ගැනීම මහා වේදනාවක්… ඇගේ අඩුව පිරිවිය හැකි කිසිවෙක් නෑ…! – නි. ඇම

අපේ රටේ බිහි වූ අග්‍රගන්‍ය නිළි රැජින මාලනි ෆොන්සේකා අපෙන් සමුගෙන මහත් වේදනාවක් යැයි නි. ඇමති ටී.බී. සරත් පවසයි.

නි. ඇමතිවරයා පෙන්වා දෙන්නේ ඈ රංගනයෙන් ප්‍රකට කළ ප්‍රතිභාව තව බොහෝ කලකලට පිරවිය නොහැකි වනු ඇති බවයි.

වසර දහස් ගණනක් ජීවත් වූ අයෙකු මෙන් හෙළ සිනමාවට ලබා දුන් දායක්තවය අගය කරන අතර ඈ මිය යන විටත් එවැනි නිළියක් හෙළ සිනමාවට නොමැති වීම ගැන කනගාටු වන බව ද ටී.බී. සරත් ප්‍රකාශ කරයි.

නි. ඇමතිවරයා මේ බව සඳහන් කළේ අභාවප්‍රාප්ත ජ්‍යේෂ්ඨ සිනමා ශිල්පිනි මාලනි ෆොන්සේකාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka