gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොළඹ ස්වාධීන මන්ත‍්‍රීන් පැලවත්තට… මාලිමාට සහායට එකගවේ.. SJBට කොළඹ බලය ගිලිහෙන්න අතිශය ආසන්නයි..

කොළඹ නගර සභාවේ පාලන බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය කොළඹ නගර සභාවට තේරී පත්ව සිටින ස්වාධීන සභිකයන් පිරිසක් අතර පැවති සාකච්ඡා සාර්ථක වී තිබේ.

පැලවත්ව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව පැවැත්වී ඇත්තේ ජනාධිපති අනුර දිසානායක මහතා සහ ස්වාධීන මන්ත්‍රීවරු අතරයි.

සාකච්ඡාවෙන් අනතුරුව ස්වාධීන මන්ත්‍රීවරුන් මාධ්‍ය කියා සිටියේ තමන් කොන්දේසි විරහිතව ජාතික ජන බලවේගයට පාලනය පිහිටීම සඳහා සහාය දෙන බවය.

මෙම තත්ත්වයත් සමඟ ජාතික ජන බලවේගය කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ආසන්නතාවයක සිටින අතර ස්වාධීන කණ්ඩාම්වල මන්ත්‍රීවරුන් පමණක් ඒ සඳහා ප්‍රමාණවත් නොවේ.

කොළඹ නගර සභාවට ස්වාධීන මන්ත්‍රීවරුන් නව දෙනෙකු තේරී පත්වී සිටින අතර ජාතික ජන බලවේගය දිනා සිටින ආසන සංඛ්‍යාව හතළිස් අටකි.

නමුත් කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමට ආසන පනස් නවයක් අවශ්‍ය වී තිබේ.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka