gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලුනු හිඟ වුණේ මගේ මාෆියාවකින් නොවේ.. අවුරුදු තුනක් තිස්සේ වහින නිසා - රයිගම් සභාපති, ලුණු සමාගමේ අධ්‍යක්‍ෂ

පුත්තලම ලුනු සමාගමේ සියලු ලුනු තමන් මිල දී ගෙන ලුනු මාෆියාවක් හදන ලද බවට විපක්ෂය සිදුකළ ප්‍රකාශය අසත්‍යයක් බව රයිගම් සමාගමේ සභාපති, පුත්තලම ලුනු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ආචාර්ය රවී ලියනගේ පවසයි.

පුත්තලම ලුනු සමාගම හෝ තමන් හෝ ලුනු මාෆියාවක් හදා නොමැති බවත් පවතින සීමිත ලුනු තොග වෙළඳපොළට නිකුත් කරන බවත් ඔහු පෙන්වා දෙයි.

රටේ පවතින ලුනු හිඟයට හේතුව අවුරුදු තුනක් තිස්සේ ලුනු නිෂ්පාදනය කරන ප්‍රදේශවලට වැටුණු අධික වාර්ෂාව බවත් ආචාර්ය රවී ලියනගේ අවධාරණය කරයි.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුව අමතමින් සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබා දීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම මේ බව කීය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka