gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අලුත් පක්ෂයක් හදන්න රනිල්ගෙන් යෝජනාවක්!

ආණ්ඩුව වරමක් ඉල්ලුවත් ජනතාව එම වරම ලබාදී නොමැති බව හිටපු ජනපති, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එමෙන්ම ආණ්ඩුවේ ලක්ෂ 23ක් ඡන්ද අඩුවී, ආණ්ඩුව පිරිහිලා ඇතැයි කී රනිල් වික්‍රමසිංහ මහතා, විනයක් ඇතුව අනිත් පක්ෂවල පිරිසත් එකතු කරගෙන අලුත් පක්ෂයක් හදමු කියා සිරිකොතේදී පාක්ෂිකයින් හමුවේ පැවසුවා.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මෙවර පළාත් පාලන මැතිවරණය ජයගත් පළාත් පාලන ආයතන නියෝජිතයින් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීම අද සිදුවුණා.

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවට ජනතාව පත්කර එවූ L බෝඩ් කට්ටිය තාම ලයිසන් අරන් නොමැති නිසා අලුත් පිරිසක් ජයග්‍රහණය කර ඇති බවයි.

ඒ නිසා පුළුවන් තැන්වල එකතුවෙලා බලය ලබාගන්නා ලෙසත් පැවසු වික්‍රමසිංහ මහතා, පක්ෂය හදන්න අලුත් අදහස් අවශ්‍ය නිසා අලුත් පිරිසකට ඒ වගකීම බාරදෙන්න සූදානම් බවත් වැඩිදුරටත් සදහන් කළා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka