gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පැලවත්ත සීනි කර්මාන්තශාලාව පවත්වාගෙන යාමේ අවධානමට.. බැංකු අයිරාව බිලියන 12යි!

ලංකා සීනි සමාගමට අයත් බුත්තල පැල්වත්ත සීනි කර්මාන්තායතනයේ නිෂ්පාදිත සීනි අලෙවිනොවීම නිසාත් එතනෝල් මිල පහත වැටීම නිසාත් කර්මාන්තශාලාව පවත්වාගෙන යාමේ අවධානමකට ලක්වී ඇතැයි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න මහතා පැවසීය.

සීනි මෙට්‍රික් ටොන් දහසයදහස් පන්සියයයක් පමණ අලෙවි නොවීම නිසා ගබඩා වල ගොඩගැසී ඇත.මේ වන විට සීනි කිලෝවක තොග මිල රුපියල් දෙසියය දහඅටකි.කලින් එතනෝල් ලීටරයක් රුපියල් එක් දහස් දෙසියය දක්වා ඉහළ ගිය අතර දැනට ලීටරයක මිල රුපියල් පන්සිය අසූව දක්වා පහත වැටී ඇති නිසා එතනෝල් සියල්ල අලෙවි වී ඇත.

එම තත්වය මත නිෂ්පාදිත එතනෝල් අලෙවිය පිළිබඳව ප්‍රශ්නයක් පැනනැගී නැත.

නමුත් එතනෝල් වලින් ලැබෙන ලාභය එමනිසා අඩුවී තිබේ.ආයතනයේ බැංකු අයිරාව රුපියල් එක් කෝටි එක්දහස් දෙසියයක් පමණ වේ.සේවක අර්ථ සාධක අරමුදල,සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලට යැවිය යුතු මුදල් ඇතුළු කෝටි තුන්දහසක් ගෙවීමට ඇත.

මේ වන විට මෙම කන්නයේ උක්ගස් කැපීම ආරම්භකර ඇති අතර ගබඩා වල තිබෙන සීනි අලෙවි නොවුණහොත් ඉදිරියේදී නිෂ්පාදිත සීනි ගබඩා කිරීමට ගබඩා පහසුකම්ද නැත.

පාලනයකින් තොරව විදේශ රට වලින් වර්ෂයකට සීනි මෙට්‍රික් ටොන් හැටදහසක් පමණ ආනනයනය කිරීම නිසා ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය කරන සීනි අලෙවි නොවන තත්වයක් උදාවී තිබේ.

පැල්වත්ත සීනි කර්මාන්තායතනය මඟින් උක්ගස් මෙට්‍රික් ටොන් එකකට රුපියල් දසදහසක් සහ දුර ප්‍රමාණය අනුව ප්‍රවාහන දීමනාවක්ද ගෙවනු ලබයි.

2025 වසරේදී සීනි මෙට්‍රික් ටොන් තිස් හතරදහසක් පැල්වත්ත සීනි කර්මාන්තායතනයෙන් නිෂ්පාදනය කිරීමට නියමිතය.

සේවක අතිරික්තයද කර්මාන්තායතනයේ පිරිවැය වැඩිවීමට හේතුවී ඇත.රජය වහාම මැදිහත්වී රටට සීනි ආනයනය කිරීම සීමාකොට දේශීය සීනි නිෂ්පාදනයන් රට තුළ බෙදාහැරීමේ වැඩපිළිවෙලක් දියත් කළ යුතු බව සේවකයෝ පවසති.


මේ පිළිබඳව මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වෙළෙඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය ඇමති ආර්.එම් ජයවර්ධන මහතා මෙසේ පැවසීය.


රජයට අයත් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා වල නිෂ්පාදිත සීනි අලෙවිනොවීම ඒවා පවත්වාගෙන යාම ගැටළුවක් වී තිබෙනවා.කර්මාන්ත ඇමතිවරයා සහ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කොට මෙම ආයතන දෙක ලාභදායී තත්වයෙන් පවත්වාගෙන යාමට හැකි වාතාවරණයක් ගොඩනැගීමට බලාපොරොත්තු වෙනවා. කිසිම හේතුවක් නිසා මෙම ආයතන පෞද්ගලීකරණය කිරීමට බලාපොරොත්තුවක් නැහැ.


උක් ගොවීන් සහ කර්මාන්තශාලා සේවක සේවිකාවන් ආරක්ෂා වන පරිදි සුදුසු වැඩපිළිවෙලක් ඉදිරියේදී දියත් කරනවා.


මොනරාගල සුමනසිරි ගුණතිලක
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka