ගුවන්තොටුපොලේ ගොං වැඩකට මසකට මිලියන 3 බැගින් වසර 3 ක් ගෙවලා!
පසුගියදා පැවති කෝප් කමිටුවේදී අනාවරණය වූයේ, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නවීකරණය ක්‍රියාවලියක් සම්බන්ධයෙන් ආනයනය කළ වහලක් එම ව්‍යාපෘතිය අත්හිටුවා තිබියදී ආනයනය කර මසකට රුපියල් මිලියන 3 බැගින් ගෙවමින් වසර 3ක් පුරාවට පෞද්ගලික ගබඩාවක තබා ඇති බවයි.
එම වහලය කටුනායක පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ දියනියට හිමි ග්ලෝබල් පාර්ක් ආයතනයේ ගබඩාවක මෙලෙස තැම්පත් කර ඇත.
කෙසේවෙතත් කෝප් කමිටු රැස්වීමට සහභාගී වූ රජයේ නිලධාරීන් සඳහන් කළේ එම ගබඩාව ලබාගැනීම නිවරදි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් ලබා දී ඇති බවයි.
ගුවන්තොටුපොලේ ගොං වැඩකට මසකට මිලියන 3 බැගින් වසර 3 ක් ගෙවලා!
2025-05-13T10:18:00+05:30
Gossip Lanka Hot News






