සබරගමුව පළාතේ මාර්ග ක්‍රීඩාංගන ඇතුළු ව්‍යාපෘති 77කට අදාලව අසත්‍ය මිනුම් පත්‍ර සකසා රුපියල් මිලියන 77ක් වංචා කිරීම සම්බන්ධයෙන් සබරගමු පළාත් සභාවේ සහකාර ලේකම්වරියක සහ හිටපු ලේකම්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ඇඹිලිපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 08වන දා තෙක් බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පීරිස් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ සබරගමු පළාත් මාර්ග සංවවර්ධන ග්‍රාමීය යටිතල පහසුකම් සංචාරක සංවර්ධන, පළාත් මාර්ග නඩත්තු අමාත්‍යාංශයේ සහකාර සැලසුම් අධ්‍යක්ෂ කුසුම්ලතා කුමානායකට සහ එම අමාත්‍යාශයේ ලේකම්වරයෙක් වූ දේවප්‍රිය විජයරාජ වෙතය.
පොලිිසිය මගහැර සිටි සැකකාර සහකාර අධ්‍යක්ෂවරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පසුගිය 07 වැනිදා අත් අඩංගුවට ගත් අතර සැකකාර ලේකම්වරයා නීතිඥයෙක් මාර්ගයෙන් භාර වූයේය.
මීට අමතරව සබරගමුව පළාත් මාර්ග සංවර්ධන ග්‍රාමීය යටිතල පහසුකම් සංචාරක සංවර්ධන, පළාත් මාර්ග නඩත්තු අමාත්‍යාංශයේ ලේකම්වරයෙක් වු දේවප්‍රිය විජයරාජ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට නීතිඥයෙක් මාර්ගයෙන් භාර වූයේය.
අඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු කාර්මික නිලධාරියෙකු ලිපිකරුවෙකු සහ ලේකම්වරයෙකු ද මීට පෙර මෙම වංචාව සම්බන්ධව සැක පිට අත් අඩංගුවට ගෙන තිබිණි.
මේ වංචාව විය හැකි කුජීතම ආකාරයේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ අපාරධයකි. සබරගමුව පළාතේ මාර්ග සහ ක්‍රීඩාංගන ඇතුළු ව්‍යාපෘති 77කට අදාලව අදාල අමාත්‍යාංශය විසින් මුදල් වෙන් කරගෙන තිබිණි. එහෙත් ඒ මාර්ග හෝ ක්‍රීඩාංගන ඉදිකර තිබුණේ නැත. පසුව ඒ සම්බන්ධව සිදුකළ විගණන පරීක්ෂණයකින් හෙළි වන්නේ 2016 හා 2017 වර්ෂවලදී මෙම මාර්ග සහ ක්‍රීඩාංගන සහිත ව්‍යාපෘති 77 ඉදිකර නිමා කර ඇතැයි අසත්‍ය ලේඛන ඉදිරිපත් කර මේ හත් කෝටි හැත්තෑ ලක්ෂය වංචා කර ඇති බවය.
අපරාධය සම්බන්ධව ඉදිරි විමර්ශන පැවැත්වේ.
