gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රෝගීන්ගේ ජීවිත අනතුරේ දැමු කෙහෙළියට කෙදිරි ගෑවෙයි!

රජයට රුපියල් කෝටි ගණනක් පාඩු කරමින් රෝගීන්ගේ ජීවිත අනතුරේ දැමු හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ගනුදෙනු නඩුවට අදාළව නීතිපතිවරයා අගවිනිසුරුවරියගෙන් කළ ඉල්ලීමක් සලකා බලමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර ඇත.

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහි‍, මෙම ඖෂධ ගනුදෙනු නඩුවට අදාළව පත්කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මහේන් වීරමන්, අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විතය.

එහෙත් අදාළ විනිසුරු මඩුල්ලේ සිටින මහේන් වීරමන් ලබන සැප්තැම්බර් මාසයේදී විශ්‍රාම යාමට නියමිත බැවින් අදාළ විනිසුරු මඩුල්ලෙන් ඉවත් වන බවට දැනුම් දී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විනිසුරු මහේන් වීරමන් විනිසුරු මඩුල්ලෙන් ඉවත් වීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරිය වෙත දැනුම් දීමට පියවර ගෙන ඇතැයිද නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka