gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජෝනිගේ සතොස නඩුව අගෝස්තු 4දා!

අභ්‍යන්තර වෙළෙඳ කටයුතු සහ සමුපකාර ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරි කටයුතුවලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතුවලට යෙදවීමේ චෝදනාව යටතේ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව පැවරූ නඩුව ලබන අගෝස්තු 4දා විභාග කිරීමට කොළඹ මහාධිකරණය දින නියම කළේය.

මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ නඩුව විභාගයට ගත් අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් සතොස මූල්‍ය ප්‍රධානී සාක්ෂි දුන්නේය.

සතොස හිටපු අධ්‍යක්ෂවරයා ප්‍රශ්නගත සේවකයන්ට වැටුප් ගෙවන ලෙස තමාට බලපෑම් කළ බව සාක්ෂිකාරිය කියාසිටියාය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ 2010 – 2015 දක්වා කාලය තුළදී සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මඟින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතුවල යෙදවීම හරහා රජයට පාඩු කළ බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ දූෂණය යන වරදට නඩු පවරා ඇත.

සතොස හිටපු සභාපතිවරයෙක් වන එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයකු වන මොහොමඩ් සාකීර් නඩුවේ සෙසු විත්තිකරුවන් වේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka