“සෑම ලේ බිදක් වෙනුවෙන්ම වගකියනවා” පාකිස්තානය අනතුරු අඟවයි!
පාකිස්තානයට ප්‍රහාර එල්ල කරමින් ඉන්දියාව බරපතල වැරැද්දක් කළ බවත් එම ප්‍රහාරයට ඉන්දියාව දැන් වන්දි ගෙවිය යුතු බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙඛාස් ෂරීෆ් සඳහන් කරයි.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙඛාස් ෂරීෆ් සඳහන් කළේ,
“ඉන්දියාව බරපතල වැරැද්දක් කළා. දැන් ඔවුන් ඊට වන්දි ගෙවිය යුතුයි. ඉන්දියාව කළ මෙම කපටි ප්‍රහාරවලින් අපේ දරුවන් සහ කාන්තාවන් පවා මියගියා. අපේ විරුවන්ගේ සෑම ලේ බිදක්ම වෙනුවෙන්ම වගකියනවා කියලා අපි පොරොන්දු වෙනවා.
පෙහෙල්ගාම් සිදුවීම පාවිච්චි කරලා පාකිස්ථානයට ප්‍රහාර එල්ල කිරීම සම්පුර්ණයෙන්ම අසාධාරණයි. අපේ රටේ ගෞරවය හා ආරක්ෂාව වෙනුවෙන් අපේ ජනතාවත්, ආරක්ෂක අංශත් එකමුතුව කටයුතු කරනවා.”
ඉන්දියාව එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමේ සම්පුර්ණ බලය පාකිස්තාන හමුදාවට පවරා ඇති බවද පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙඛාස් ෂරීෆ් තවදුරටත් සඳහන් කරයි.
“සෑම ලේ බිදක් වෙනුවෙන්ම වගකියනවා” පාකිස්තානය අනතුරු අඟවයි!
2025-05-09T08:01:00+05:30
Gossip Lanka Hot News






