ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටරයක් කඩා වැටෙයි…. අනතුරින් මරණ 05ක්… ගුවන් හමුදාව තහවුරු කරයි
බෙල් 212 හෙලිකොප්ටර් අනතුරෙන් පසු ශ්‍රී ලංකා ගුවන් හමුදා තුවක්කු කරුවන් දෙදෙනෙකු සහ විශේෂ බලකායේ සාමාජිකයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුරෙන් ගුවන් ගත වූ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරු ඔය ප්‍රදේශයට අද උදෑසන කඩා වැටුණා.
මාදුරු ඔය – කමාන්ඩෝ යුද හමුදා කදවුරේ පුහුණු සැසියක් සදහායි මෙම හෙළිකොප්ටර් යානය ගමන් කර තිබුණේ.
මේ අතර ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් මාදුරු ඔය ජලාශයට කඩා වැටීමේ සිද්ධිය පිළිබදව සොයා බැලීම සදහා කමිටුවක් පත් කර තිබෙනවා.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, වින්ග් කමාන්ඩර් එරන්ද ගීගනගේ පැවසුවේ ගුවන් හමුදාපතිවරයා විසින් මෙලෙස 9 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බවයි.
ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටරයක් කඩා වැටෙයි…. අනතුරින් මරණ 05ක්… ගුවන් හමුදාව තහවුරු කරයි
2025-05-09T11:41:00+05:30
Gossip Lanka Hot News






