ජීවිත බේරගත් බස් රියදුරාට විරුවා කීවේ නෑනේ… අපි සොල්දාදුවට රණ විරුවා කියන්නෙත් නෑ…! – මාලිමා මන්ත්‍රී
සියලු දෙනා විරුවන් කර විකුණං කන දේශපාලන ව්‍යාපෘතිය කරන පිරිස කලබල වී ඇතැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි පවසයි.
“මේගොල්ලන්ගේ තියෙනවා හැම කෙනාම විරුවා කරන දේශපාලනයක්. රණ විරුවා. සුව විරුවා. රට විරුවා. මේ ඒගොල්ලන්ගේ විකුණං කන ප්‍රොජෙක්ට් එක. විරුවා විකුණලා දේශපාලන කරන මේ ප්‍රොජෙක්ට් එක ඇතුළේ කලබල වෙන එක බොහොම සාධාරණයි.
එක සීටීබී රියදුරු මහත්තයෙක් බස් එකේ බ්‍රේක් නැතිව ගිහින් කන්දේ හප්පලා එයාගේ ජීවිතේ නැති වුණා. නමුත් ජනතාවගේ ජීවිත බේර ගත්තා. දැන් මොකද කියන්නේ. මොකක්ද දාන විරුවා. ඔහුත් වීරෝදා වෘත්තිකයෙක්. රියදුරු මහත්තයෙක්.”
චන්දිම හෙට්ටිආරච්චි මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (20) දෙරණ වාද පිටිය වැඩසටහනට එකතු වෙමිනි.
ජීවිත බේරගත් බස් රියදුරාට විරුවා කීවේ නෑනේ… අපි සොල්දාදුවට රණ විරුවා කියන්නෙත් නෑ…! – මාලිමා මන්ත්‍රී
2025-05-22T07:33:00+05:30
Gossip Lanka Hot News






