gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වාහන මාදිලිය රුපියල් ලක්ෂ 20කින් මිල පහත දමයි!

මෙරට වාහන ආයනයන නැවත ඇරඹීමත් සමඟ ශ්‍රී ලංකාව තුළ ඉතාමත් වේගයෙන් ජනප්‍රියතාවට පත්වූ මේ වනවිට මග තොටේ බහුල වශයෙන් දක්නට ලැබෙන වාහන මාදිලියක් වන BYD සමාගම විසින් සිය විදුලි හා plug in hybrid මෝටර් රථවල මිල 10% සිට 30% දක්වා පමණ ප්‍රමාණයකින් අඩු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ඒ අනුව ඉකුත් සිකුරාදා, BYD සමාගම නිවේදනය කළේ මෙම වට්ටම, එළඹෙන ජුනි මස අවසානය දක්වා ක්‍රියාත්මක වන බවත් එය බැටරි බලයෙන් ක්‍රියාත්මක වන සහ plug in hybrid මාදිලි 22ක් සඳහා 10 සිට 30%ක වඩා වට්ටමකට යටත් වන බවයි. 

එම වට්ටම් ප්‍රධාන වශයෙන් යුවාන් 150,000ට (ඇමරිකානු ඩොලර් 20,820) අඩු මාදිලි සඳහා අදාළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම වට්ටම් සඳහා ඇතුළත් කර ඇති ඉහළම මිලැති මෝටර් රථ මාදිලිය Xia බහුකාර්ය වාහනය වූ අතර එයට 13%ක පමණ වට්ටමක් හිමිව තිබුණි.

ඒ අනුව එහි මිල සඳහන් වූයේ යුවාන් 200,000 ට වඩා ඉහළ මිලක්. මේ අතර නිදසුනක් ලෙස ගතහොත් අදාළ වට්ටම් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු චීන වෙළඳපොළේ BYD seagull රථයක් මෙරට මුදලින් රුපියල් මිලියන 2.3ක් පමණ වන අතර BYD sealion 05 මෝටර් රථයක් රුපියල් මිලියන 2ක් පමණ වනු ඇති. 

කෙසේ නමුත් මෙරටට මෙම මිල ගණන් අදාළ නොවන අතර මෙරට ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්තිය අනුව මෙම වාහනවල මිල මෙපමණ පහළ අගයක් ගනු ඇති බව සැක සහිතයි. 

මෙම වට්ටම් ප්‍රකාශයට හේතු ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, BYD සමාගම සිය වාහන අලෙවිය මෙම වසර අවසානයේ දී මිලියන 5.5ක් දක්වා වර්ධනය කර ගැනීම බවයි. 

එම අගය ඉකුත් වසර හා සැසඳීමේ දී BYD වාහන අලවිය මෙන් 30%ක වැඩි අගයකින් යුතු ඉලක්කයකි.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka