gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

නාවික හමුදාවට ගහන්න නවීණ යාත්‍රා මිලදී ගැනීමට රාජපක්ෂලා කොටින්ට මුදල් දුන්න හැටි ගැන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කරන හෙළිදරව්ව…

පාස්කු ප්‍රහාරය රාජපක්ෂලා බලය ලබා ගැනීමට සිදුකළ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බව හිටපු හමුදාපතිවරයා ලෙස තමන්ට සහතික කළ හැකි බවත්, හතලිස් අට දහසක් සුනාමි ව්‍යසනයෙන් මිය ගොස් රට මළගෙයක් වූ අවස්ථාවක ඒ ව්‍යසනයෙන් රට ගොඩනැගීම සඳහා ලැබුණ ආධාර මුදල් සොරකම් කළ මිනිස්සුන්ට, රටේ ජාතික හමුදාවක් විනාශ කිරීම සඳහා සතුරු හමුදාවට නවීන මෙහෙයුම් යාත්‍රා මිලදී ගැනීමට ඩොලර් මිලිියන ගණන් ලබා දුන් මිනිසුන්ට බලය සඳහා පුද්ගලයින් 250ක් ඝාතනය කිරීම බරපතල ගැටලුවක් නොවන බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පැවසුවේය.

මීමැස්සෝ TV යූ ටියුබ් නාලිකාව සමග සාකච්ඡාවකට එක් වෙමින් ෆීල්ඩ් මාර්ෂල්වරයා නාවික හමුදාවට ප්‍රහාර එල්ල කිරීම සඳහා නවීන යාත්‍රා මැලේසියාවෙන් මිලදී ගැනීමට රාජපක්ෂලා උදවු කළ ආකාරය ගැන බැසිල් රාජපක්ෂ තමන්ට කී කතාවක් හෙළිදරවු කරමින් මෙසේ ද පැවසුවේය.

මේ කතාව මට කිව්වෙ බැසිල්. බැසිල් මගේ පන්තියෙ හිටපු මිත්‍රයා. ඒ දවස්වල මම හමුදාපති ඉද්දි බැසිල් මාත් එක්ක ඉතාම සම්බන්ධයි.

ජනාධිපති ආරක්ෂක ලේකම් කාර්යාලයේ තිබ්බා බැසිල් රාජපක්ෂගේ පොඩි ඔෆීස් එකක්. මේ කියන දවස්වල යුද්ධය යනවා. චීනයේ 2008 බීජින් ඔලිම්පික් තිබ්බා. ඒ කාලෙදි අපට චීනෙන් පතොරෝම් එව්වේ නෑ. මොකද ඒ අය හිතුවා බටහිර රටවල් ඔලිම්පික්වලට සහභාගී වෙන එකක් නෑ මේ යුද්ධයට ආයුද සැපයීම නිසා කියලා. ඒ නිසා නැවු එන එක නතර වුනා.

මම ගිහින් ආරක්ෂක ලේකම් ගෝඨාභයට මේ ප්‍රශ්නය කිව්වා. දැන් චීනෙන් පතොරොම් එන්නේ නෑ. මට පකිස්ථානයෙන් පතොරොම් ගෙන්නා ගන්න පුලුවන් වේවි. ඩොලර් මිලියන 100ක් විතර යයි පතොරොම් ගෙන්නා ගන්න. දෙන්න පුලුවන් ද කියලා. ගෝඨාභය කිව්වේ සරත්.. චීනයෙන් අපිට ණයට පතාරොම් දෙන්නේ. මම කොහොමද ඔයාට ඩොලර් මිලියන 100ක් දෙන්නේ කියලා.

දැන් යුද්ධය නවත්වන්න වෙලා තියනවා. ඒ අවස්ථාවේදි ආරක්ෂක අමාත්‍යාංශයේ කොනක තියනවා බැසිල්ගේ කාමරයක්. මම එතෙන්ට ඇවිදගෙන ගිහින් මේ කාරණාව කිව්වා. ඒ වෙලාවෙම එයා පිබී ජයසුන්දරට කතා කරලා කිව්වා ඩොලර් මිලියන 100ක් හමුදාපතිට දෙන්න කියලා. මම පකිස්ථාන යුද හමුදාපතිට කතා කළා. එයාට අපට දෙන්න පුලුවන් වෙලා තිබුණේ ඩොල්ර මිලියන 65ක පතොරොම්. අපි ඒ මුදලට පතොරොම් ගෙන්නා ගත්තා.

මේ ඉල්ලීම කරන්න මම බැසිල් හම්බවෙන්න ගිය වෙලාවේ සුහදව අපි කතා කරගෙන ඉන්නකොට බැසිල් මට කිව්වා මෙහෙම කතාවක්. මම අහලත් නෙමෙයි. ඔහුමයි මේ කතාව පටන් ගත්තේ සුහදව.

මේ 2004 ඡන්දය. ඔහු මට කියනවා ඔහු ප්‍රභාකරන්ගෙන් ඇහුවලු උතුරේ ඡන්දෙ දාන එක නවත්වන එකට අපට ආධාර කරන්න පුලුවන්. අපෙන් මොනවද වෙන්න තියෙන්නේ කියලා.

එතකොට ප්‍රභාකරන් කියලා තියනවා මට මේ බෝට්ටු ටික ගන්න ඕන මැලේසියාවෙන්. මට ඩොලර් මිලියන දෙකක් ඕන කියලා.

ඒ වෙනකොට මේ මැතිවරණයට වියදම් කරන්න අසල්වැසි ප්‍රබල රාජ්‍යයකින් ඒ ගොල්ලන්ට හම්බවෙලා තිබුණලු ඩොලර් මිලියන දෙකක්. ඒ මුදල එහෙම්ම ප්‍රභාකරන්ට දුන්නා කියලා තමයි බැසිල් මට කිව්වේ.

බැසිල් ප්‍රභාකරන් හම්බවෙන්න ගියපු තැන කඳුකරයේ ද්‍රවිඩ දේශපාලකයෙකුත් ඉඳලා තියනවා. මට නමත් කිව්වා අහවලත් හිටියා කියලා. මම ඒ නම කියන්න කැමති නෑ. තාම ඉන්නවා ඔහු පාර්ලිමේන්තුවෙ.

“ඒ බෝට්ටුවලින් නෙමෙයිද යුද්ධය ඉවර වෙනකම් එල්ටීටීඊය නාවික හමුදාවට එළව එළවා ගැහුවේ.” සරත් ෆොන්සේකා ඇසුවේය. ජනාධිපතිවරණයක් ජයග්‍රහණය සඳහා ජාතික හමුදාවක් විනාශ කිරීමට සතුරන්ට දැන දැන අධාර කළ හැකි පුද්ගලයින්ට, හතලිස් අට දහසක් ජනතාවගේ ජීවිත විනාශවූ සුනාමි ඛේදවාචකය සිදුවූ අවස්ථාවේ දී ජාතියට ලැබුණු ආධාර ගසා කන්නට හැකි පුද්ගලයන්ට ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීම සඳහා මිනිසුන් 250ක් ඝාතනය කිරීම මහ ලොකු දෙයක් නොවන බව ෆීල්ඩ් මාෂල්වරයා අවධාරණය කළේය.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka