කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරය ජාතික ජන බලවේගයේ මහාචාර්ය මහේෂ් කරුණාතිලකට…!
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක මහතා පත් කරයි.
මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊයේ (23) ජනාධිපති කාර්යාලයේදී මහාචාර්යවරයා වෙත භාර දී තිබේ.
මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක මහතා ජාතික ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වශයෙන් ද කටයුතු කළ, මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ද දායක වූ අයෙකි.
ජනාධිපතිවරයා වෙත විශ්වවිද්‍යාලයෙන් උප කුලපති ධුරය සඳහා නම් තුනක් යෝජනා කර අති අතර මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලකට එහි ලකුණු හිමිව ඇත්තේ දෙවන ස්ථානයට බව ද වාර්තා වෙයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරය ජාතික ජන බලවේගයේ මහාචාර්ය මහේෂ් කරුණාතිලකට…!
2025-05-24T10:11:00+05:30
Gossip Lanka Hot News






