gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජාතික ආරක්ෂාව මහජන ආරක්ෂාව දුර්වලයි… රණවිරු දින ජනපතිගේ කතාව පිළිගන්න බෑ… මේ ආණ්ඩුවේ දක්ෂයෝ හිටියා නම් මෙහෙම වෙන්නෑ…! – ෆීල්ඩ් මාර්ෂල්…

පාලකයන් නිදා ගෙන සිටියහොත් නැවත උතුරේ ත්‍රස්තවාදය නැගී සිටීමේ අවධානමක් ඇතැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම රජයේ මිස IMF වැඩක් නොවන බවත් හමුදාවේ පිරිස් බලය අඩු කිරීමට, උතුරේ හමුදා කඳවුරු හා මුරපොළවල් ඉවත් කිරීමට, වෙල්ලමුල්ලිවයික්කාල් සහ වැල්වත්තේ ජන සංහාර දින සැමරුම්වලට තමන් එකඟ නොවන බවත් හෙතෙම අවධාරණය කරයි.

අපේක්ෂිත ජාතික ආරක්ෂාව රට තුළ නොමැති අතර මහජන ආරක්ෂාව තුළ මේ වන විට හිඩැසක් මතුව ඇති බවත් ඒ සඳහා අවශ්‍ය බුද්ධිමත් නිර්මාණශීලී දක්ෂ මිනිසුන් ආණ්ඩුව තුළ සිටින්නේ නම් මේ වන විට එහි ප්‍රගතියක් ඇති විය යුතුව තිබූ බවත් ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා ප්‍රකාශ කරයි.

උතුරේ ඉවත් කරන සියලු කඳවුරු සහ මුරපොළවලින් රටට ඍණාත්මක ප්‍රතිඵල ලැබෙන බවත් ජන සංහාර දින සැමරුම්වලට ඉඩ දීමෙන් නැවතත් ත්‍රස්තවාදී විෂබීජ ඇති වීමේ අවදානමක් ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

සියලු දෙනා සාමය සඳහා යුද්ද කළේ යැයි ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයට එකඟ විය නොහැකි බවත් සාමය සඳහා කිසිවෙකු ශ්‍රී මහා බෝධියට, දළදා මැදුරට පහර නොදෙන බවත් ප්‍රභාකරන් හැසිරුණ විදිහ දන්නා අය එය පිළිනොගන්නා බවත් සරත් ෆොන්සේකා සඳහන් කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka