හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කොළඹ හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ සඟවා තබා තිබූ ගිනි අවිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.
මෙම ගිනි අවිය හිටපු උතුරු මැද පළාත් මහ ඇමති බර්ටි පේමලාල් දිසානායක මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා බාරයේ තිබූ ගිනි අවියක් බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
නමුත් අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට එයා ලියාපදිංචි නොවූ ගිනි අවියක් බවද සඳහන්ය.
ගිනි අවි ආඥා පනතේ හතළිස් තුන්වැනි වගන්තිය ප්‍රකාරව සැකකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට සඳහන් කළහ.
හිටපු අමාත්‍යවරයා මේ මස 29 වන දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස ගල්කිස්ස අධිකරණය මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළේය.
උතුරු මැද පලාත් හිටපු මහ ඇමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා මීට වසර කිහිපයකට පෙර අභාවප‍්‍රාප්ත විය.