gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

මුලතිව් අපේක්ෂකයෙක් තමන්ගේ ඡායා රූපය සමග ප්‍රභාකරන්ගේ ඡායා රූපය යොදා මැතිවරණ ප්‍රචාරක දැන්වීමක් බෙදා හැරලා… පොලිසිය පරීක්ෂණ අරඹයි!

මුලතිව් මුල්ලියාවලෙයි නැගෙනහිර පළාතෙන් මෙවර ප්‍රාදේශීය සභාවට ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයෙන් තරග වදින අපේක්ෂකයෙකු කොටි සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් සමග ඔහුගේ ඡායාරූපයක් යොදා මැතිවරණ ප්‍රචාරක දැන්වීමක් බෙදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුලතිව් මුල්ලියාවලෙයි පොලීසිය ඊයේ ( 3 ) පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මෙම අපේක්ෂකයා මුලතිව් මුල්ලියාවලෙයි නැගෙනහිර පළාතේ සියලුම නිවෙස් වලට එම ප්‍රචාරක පත්‍රිකාව බෙදා හැර ඇති අතර පොලීසිය එම නිවෙස්වලට ගොස් එම පත්‍රිකා රැසක් එකතු කරගෙන තිබේ.

එම පත්‍රිකා ළග තබා ගෙන සිටි පුද්ගලයින් කීප දෙනෙකුගෙන්ම ප්‍රශ්න කොට ඇති අතර ඒවා බෙදා හරින ලද පුද්ගලයින්ගේ තොරතුරුද පොලීසිය විසින් එක් රැස් කරගෙන ඇත.

පොලීසිය විසින් මේ පිළිබදව මුලතිව් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වෙතද තොරතුරු දැණුම් දී ඇති අතර මැතිවරණ නිලධාරීන්ද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

අදාල අපේක්ෂකයාට පොලීසිය වෙත පැමිණෙන ලෙස පණිවුඩ යවා ඇති අතර ඔහු පොලීසිය වෙත නොපැමිණෙන්නේ නම් ඔහුව අත් අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවද මුල්ලියාවලෙයි පොලීසිය ප්‍රකාශ කරයි.
-දිනසේන රතුගමගේ 
-lankasara
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka