gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තුසිත හල්ලොලුව රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරේ..

තුසිත හල්ලොලුව ජුනි මස 02 දෙවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ඒ ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රාජ්‍ය දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් එම අධිකරණයේ පවතින නඩුවකට අදාළව අද (30) දින නඩුව කැඳවූ අවස්ථාවේ දී ය.

2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රුපියල් 478,000ක් වටිනා අයිෆෝන් වර්ගයේ ජංගම දුරකථනයක්, ඇපල් මැක්බුක් පරිගණකයක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව කොටුව පොලීසිය මෝසමක් ගොනුකරමින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව අප්‍රේල් මස 29 වැනිදා මුලින්ම තුසිත හල්ලොලුව අත් අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

පසුගිය 02 දා සිය නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ තුසිත හල්ලොලුව අනතුරුව අත් අඩංගුවට ගෙනන අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර පසුව ඔහුව ඇපමත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

හල්ලොලුව නිදහස් වන්නේ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මතය. එදින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර සැකකරුගේ විදේශ ගමන් ද තහනම් කළාය.
සැකකරු ඇප පිට මුදාහල අධිකරණය නඩුව නැවත අද දින කැඳවන්නට නියම කළේය. නඩුව කැඳවූ අවස්ථාවේ දී අධිකරණය තුසිත හල්ලොලුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka