gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රාජගිරිය රිය අනතුර – අධි චෝදනා නිශ්ප්‍රභ කරන්නැයි චම්පික ඉදිරිපත් කළ අභියාචනය ඉවත දැමූ ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව විභාගයට ගන්නැයි කොළඹ මහාධිකරණයට නියෝග කරයි!

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුකළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ අධි චෝදනා පත්‍රය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (08) නිශ්ප්‍රභ කළේය.
තවද මෙම විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන අධි චෝදනා පත්‍රය විභාගයට ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කොළඹ මහාධිකරණයට නියම කළේය.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා එවකට කැබිනට් අමාත්‍යවරයෙකු වූ පාඨලී චම්පික රණවකට අයත් ජිප් රථයකට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සංදීප් සම්පත් නමැති තරුණයෙකු ගැටී බරපතල තුවාල සිදුවිය.

අනතුර සිදුකර ජිප් රථය පලා ගියේය. පලායන ජිප රථය ලුහු බැඳ ගිය ඔහු සමග සිටි තරුණයන් දෙදෙනෙකු එය නතර කර ගෙන තිබිණි.
ජිප් රථය නතරකරග් තරුණයා පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේදී ජිප් රථය පැදවූයේ පාඨලී චම්පික රණවක බවය.

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ පාඨලී චම්පික රණවකගේ ජිප් රථයේ ගැටී අනතුරට ලක්වූ සංදීප් අනතුරින් පසු දින 15 ක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවේය. අනතුරුව මේ තරුණයා තවත් මාස 6 කට ආසන්න කාලයක් අඛණ්ඩව රෝහල් ගතව ප්‍රතිකාර ලබා තිබිණි.

එහිදී ශල්‍යකර්ම කිහිපයකට භාජනය වූ සංදීප්ට ඉන් අනතුරුවත් අවස්ථා කිහිපයකදීම යළිත් රෝහල් ගත වීමට සිදුව ඇත්තේ සිදුවූ තුවාලවල බරපතලකම හේතුවෙනි.
-lankasara
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka