වසර කිහිපයක් තිස්සේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි. ඒ සඳහා අවශ්‍ය නීති සංශෝධන සඳහා දැනටමත් ආණ්ඩුව විසින් ක්‍රියාමාර්ග ගනිමින් ඇත.
පළාත් පාලන මැතිවරණයෙන් පසු ප්‍රතිඵලයත් සමඟ පළාත් සභා මැතිවරණය ද ඉක්මනින් පැවැත්වීමට අවධානය යොමුවී ඇත.
පළාත් පාලන මැතිවරණයේ දී ජාතික ජන බලවේගයේ ඡන්ද පදනම ජනාධිපතිවරණයට සාපේක්ෂව ඡන්ද ලක්ෂ 12කින් ද අනතුරුව පැවැති මහා මැතිවරණයට සාපේක්ෂව ලක්ෂ 24කින්ද පහත වැටී ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයේදීද පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමේ වැදගත්කම දෙරට ඒකාබද්ධ ප්‍රකාශනයෙන්ද පැවසීය.
-emanisa