gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආසයි බයයි.. පළාත් සභා මැතිවරණය තියනවාද නැද්ද.. රජය දෙගිඩියාවක..

වසර කිහිපයක් තිස්සේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ මත බෙදීමක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි. පළාත් පාලන මැතිවරණයෙන් පසු ප්‍රතිඵලයත් සමඟ පළාත් සභා මැතිවරණය ද ඉක්මනින් පැවැත්විය යුතු බව එක් පාර්ශවයක් පවසද්දී තවත් අදහසක් වී ඇත්තේ දැනට පවතින ආකාරයෙන්ම පලාත් සභා මැතිවරණය නොපවත්වා පවතින ලෙසින්ම ඉදරියට යාමටයි.

පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීම සඳහා අවශ්‍ය නීති සංශෝධන සඳහා දැනටමත් ආණ්ඩුව විසින් ක්‍රියාමාර්ග ගනිමින් ඇත.

ආණ්ඩු පක්‍ෂය අවස්ථා කිහිපයකදීම පැවසුවේ පලාත් සභා මැතිවරණයද හැකි ඉක්මනින් පවත්වන බවය.

ඊට අවශ්‍ය නීති රීති පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමෙන් පසු ඒ අනුව පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වන බවත් පවසා තිබේ

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයේදීද පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමේ වැදගත්කම දෙරටේ ඒකාබද්ද ප්‍රකාශනයෙන්ද පැවසින.
-lankacnews
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka