gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කොළඹ මහ නගර සභාවේ බලය ගන්න පොහොට්ටුව එක්ක පූට්ටු වීමේ අදහසට සජබ ඇතුළෙන්ම විරෝධයක්…!

කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා පොහොට්ටුව සමග සන්ධානගතවීමට සිදුවීමත් සමග සමගි ජන බලවේගයේ අභ්‍යන්තරයෙන් එවැනි එකතුවීමකට එරෙහි ප්‍රතිරෝධයක් මතු වී ඇතැයි    අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසයි.
බලය පමණක් ඉලක්ක කරගෙන කරන මෙවැනි ගනුදෙනු කෙටි කාලීනව යම් ජයග්‍රහණයක් පිළිබඳ අදහසක් ලබා ගත්තත් එම එකතු වීම ජනතාව ඉදිරියේම බරපතල ලෙස ප්‍රශ්න කෙරෙන බවත්, එවැනි තත්ත්වය දීර්ඝ කාලීනව දේශපාලනික වශයෙන් ඉතා අහිතකර තත්ත්වයක් ඇතිවිය හැකි බවත් මෙම සන්ධානගතවීමට එරෙහිවන දේශපාලකයින් පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන අනාගතයක් සහිත සජබ තරුණ නායකයින් මේ විරෝධය ගොනු කළත් එය නොතකා බලය සඳහා එක්වීමේ ඉඩකඩක් විපක්ෂ නායකවරයා විසින් ඡන්දයෙන් අනතුරුව කළ ප්‍රකාශයෙන් පෙනී ගොස් ඇතැයි විචාරකයෝ කියති. සජිත් ප්‍රේමදාසා කීවේ විපක්ෂයේ සියලු දෙනා එක මිටට එකතු වී බලය පිහිටුවන බවත් ඒ සඳහා ජන වරමක් ලැබී ඇති බවත්ය.

පොහොට්ටුව හා  සන්ධානයකට එරෙහි වෙමින් සජබ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධූරයෙන් චානක සේනානායක පසුගිය දා ඉවත් වූයේය. ඔහු පක්ෂයේ සාමාජිකත්වය ද අත් හැරියේය.  ප්‍රතිපත්තිමය වශයෙන් පක්ෂය ප්‍රතික්ෂේප කළ දූෂිතයින් සමග සභා පිහිටුවීම සඳහා  එකට එකතු වීමට සූදානම්ව  ඇති බවත් මහ මැතිවරණයේ දී සහ ජනාධිපතිවරණයේ දී දිගින් දිගටම පොදු ජන පෙරමුණ රට බංකොළොත් කළ දූෂිතයින් බවට   සහතික කර රටට කියා බලය පිහිටුවීම සඳහා ඔවුන් සමග එක්වීම අනුමත කළ නොහැකි බවත් ඔහු පැවසුවේය.

එක් පසෙකින් සජබ තුළින් මෙවැනි සන්ධානයකට විරෝධය පළ වෙද්දි  පොහොට්ටුවේ මහ ලේකම් නිතිඥ සාගර කාරියවසම් ප්‍රකාශ කර තිබුණේ පළාත් පාලන ආයතන පිහිටුවිම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ශවයට එකතුවීමට ජනවරමක් පොහොට්ටුවට නැති බවය. ඒබැවින් අන්ත දක්ෂිනාශික නියෝ ලිබරල්වාදීන් සමග එකතුවී සභා පිහිටුවීමේ හැකියාවක් පොහොට්ටුවට නැති බවය. මේ ප්‍රකාශයට පොහොට්ටුව   තුළින් මහ ලේකම්වරයාට යම් විරෝධයක් මතු වී ඇති බව ද වාර්තා වේ.

කොළඹ මහ නගර සභාවේ සභිකයන් 48 දෙනෙකු ජාතික ජන බලවේගයට ලැබිණි. පක්ෂයක් ලෙස වැඩිම සභිකයින් ප්‍රමාණයක් ලබන්නේ ජාතික ජන බලවේගය ය. සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂයට සභිකයන් හැට නව දෙනෙකු හිමිවිය. සභික ධූර සංඛ්‍යාව අනුව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට වැඩි හැකියාවක් විපක්ෂයට ඇත.

ඊයේ මාධ්‍ය හමුවක දී සමගි ජන බලවේගයේ ප්‍රබලයෙක්වන නිරෝෂන් පාදුක්ක   ප්‍රකාශ කළේ බ්‍රහස්පතින්දා වනවිට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය කොළඹ මහ නගර සභාවේ පාලන බලය පිහිටුවන බවය.

මෙරට මහ නගර සභා අතර විශේෂ අවධානයක් දිනා ගැනුණු නගර සභාව වන්නේ කොළඹ මහ නගර සභාවයි. කොළඹ නගරයේ බොහෝ කටයුතු පාලනය කෙරෙන කොළඹ මහ නගර සභාවේ බලය හිමි කර ගැනීම දේශපාලනික වශයෙන් විශාල ශක්තියක් වන හෙයින් එහි බලය ලබා ගැනීමට බොහෝ දේශපාලන පක්ෂ කාලයක සිට ලොකු උනන්දුවක් දක්වයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka