gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

‘රැගුවොත් මරණවා’ දිනපු අපේක්‍ෂකට පැරදුනු අපේක්‍ෂක පහර දෙයි..

පළාත් පාලන මැතිවරණයේ දී බියගම ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගය පක්ෂයෙන් තරග කර ජයග්‍රහණය කළ අයකුට මරණීය තර්ජනය කර පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණෙන් එම සභාවට තරග කළ පරාජිතඅපේක්ෂකයකු සහ ඔහුගේ මිතුරන් බව කියන දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා බියගම පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

පහර කෑමට ලක් වූ තැනැත්තා කළ පැමිණිල්ලක් අනුව මෙම තිදෙනා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි බියගම පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

බියගම ප්‍රාදේශීය සභාවට මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්ව සිටින අය වල්ගම කුරුඳුවත්තප්‍රදේශයේ නිවෙසක පින්කමකට සහභාගී වී ඉකුත් නමවැනිදා රාත්‍රී එකොළහයි තිහට පමණ නිවෙස් බලා එමින් සිටියදී මෙම පහරදීම වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

වල්ගම ප්‍රදේශයේ රඟන්න ආවොත් මම උඹ මරනවා යැයි කියමින් පහර දී ඇතැයි පොලිසිය කියයි.
බියගම පොලිසිය විමර්ශන පවත්වයි.

– ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka