ප්‍රකට චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිළි සේමිණි ඉද්දමල්ගොඩ ඊයේ (10) වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පුද්ගලික ආරක්ෂක සමාගමක් පවත්වාගෙන යමින් එම සමාගමේ සේවකයන්ට වැටුප් ගෙවීම පැහැර හැරීම නිසා අධිකරණයේ විභාගවන නඩු මග හැර වරෙන්තු පිට සිටි සේමිණී ඉද්දමල්ගොඩ මෙසේ අත් අඩංගුවට පත් වන්නේ රිය අනතුරක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට වැලිකඩ පොලිසියට පැමිණි අවස්ථාවේ දී බව වාර්තා වේ.
පොලිසිය පවසන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ඉද්දමල්ගොඩෙට එරෙහිව වරෙන්තු පැවතියද, ඇතැම් පොලිස් නිලධාරීන් එම වරෙන්තු ක්‍රියාත්මක නොකර සඟවාගෙන සිටීම හේතුවෙන් නුගේගොඩ අධිකරණය විසින් නුගේගොඩ කොට්ඨාසභාර පොලිස් අධිකාරිවරයාට නොතීසි නිකුත් කිරීමට පවා සිදුව ඇති බවත් ය.
වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ධුරයේ වෙනසක් සිදුවීමත් සමඟ, නව ස්ථානාධිපතිවරයා ඉද්දමල්ගොඩට එරෙහිව අධිකරණය නිකුත් කර තිබූ වරෙන්තු ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටියදී මෙම සිද්ධිය වාර්තා වී ඇත.
සේමිණී ඉද්දමල්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.