ශ්‍රී ලංකාව තුළ චිකුන්ගුන්යා රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ඔවුන්ගේ පුරවැසියන්ට යාවත්කාලීන සංචාරක උපදේශන නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබේ.
බ්‍රිතාන්‍ය විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය ශ්‍රී ලංකාවේ සංචාරකයින් මුහුණ දෙන “සෞඛ්‍ය අවදානමක්” ලෙස චිකුන්ගුන්යා ඇතුළත් කර ඇත.
ඉන්දියානු සාගර කලාපයට සංචාරය කිරීමට සැලසුම් කරන පුද්ගලයින්ට චිකුන්ගුන්යා රෝගයට එරෙහිව වැඩි දියුණු කළ පූර්වාරක්ෂාවන් භාවිතා කරන ලෙස ද එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අනතුරු ඇඟවීය.
එක්සත් ජනපදයේ ජාතික මහජන සෞඛ්‍ය ආයතනය හෙවත් රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) නිකුත් කළ 02 වන මට්ටමේ සංචාරක නිවේදනයට අනුව, මොරිෂස්, මයෝට්, රියුනියන්, සෝමාලියාව සහ ශ්‍රී ලංකාව යන රටවල චිකුන්ගුන්යා පැතිරීම් පවතී.
චිකුන්ගුන්යා පැතිරීමක් ඇති ප්‍රදේශයකට යන සංචාරකයින් සඳහා එන්නත් කිරීම එක්සත් ජනපදය විසින් නිර්දේශ කර ඇත. විශේෂයෙන් දරු ප්‍රසූතියට ආසන්න කාන්තාවන් බලපෑමට ලක් වූ ප්‍රදේශවලට සංචාරය කිරීම නැවත සලකා බලන ලෙසද එක්සත් ජනපදය උපදෙස් ලබා දී ඇත.
චිකන්ගුන්යා පැතිරී යන්නේත් ඩෙංගු මදුරුවන්ගෙනි. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන කටයුතු සඳහා අමාත්‍යාංශය සතියක් ප්‍රකාශයට පත් කර ඇති බවය.
පැතිරීම මැඩපැවැත්වීම සඳහා අමාත්‍යාංශය රට පුරා මදුරු මර්දන වැඩසටහන් දියත් කරන බවත් ඔහු පැවසීය.
( The Sunday Times)