gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මැයි දිනයට කතා කළේ පක්ෂ නායකයා හා ප්‍රේමදාසගේ පුතා නිසා… අවසන් කම්කරුවා දක්වා පිටව යන තුරු රැඳී ඉන්නට බැරිනම් මින් පසු කිසිම මැයි දිනයකට එන්න එපා… ආනන්ද පාලිත සජිත්ට කියයි!

වෘත්තීය සමිති සහ කම්කරු ව්‍යාපාරය නියෝජනය කරන වැඩබිමේ දිනය වු මැයි දිනයට සජිත් ප්‍රේමදාසට ආරාධනා කළේ පක්ෂ නායකයා මෙන්ම රණසිංහ ප්‍රේමදාසගේ පුතා නිසා බවත්, මින් මනත මැයි දිනයේ අවසන් කම්කරුවා දක්වා පිටව යන තුරු රැඳී සිටින්නට බැරිනම් කිසිම නායකයෙක් මැයි දිනයට නොඑන ලෙස දන්වන බවත් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමු‍ණේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස සිය කතාව අවසන් කර පිටව යෑමත් සමග රැස්ව සිටි ජනතාව ඉවත්ව යෑම හේතුවෙන් මැයි දිනය අතර මග නවත්වන්නට සිදුවීමේ සිද්ධියට ආදාල සජිත් ප්‍රේමදාසගේ හැසිරීම විවේචනය කරමිනි.

ඔහු මෙසේ ද පැවසුවේය.

මැයි දින අපේ රැළියේ නායක තුමා කතා කළා. එතුමා ගියා. පුටු හිස් වුනා. අපි එකඟ නෑ. අපි ජවිප නෑ. අපි ජවිපෙ වගේ නෙමෙයි. පක්ෂ නායකයාට වහල් වෙන මිනිස්සු නෙමෙයි. අපි වැඩ කරන පන්තියත් එක්ක ඉන්න මිනිස්සු.
හැබැයි එකක් අනුමත කරන්නේ නෑ. මැයි දිනයේ දි කිසිම නායකයෙකුට වෙන වැඩ තියෙන්න බෑ. ඔහු ඉන්න ඕන අන්තිම කම්කරුවත් මැයි දිනයෙන් යනකම්.

ඒක අපි පිළිගන්නේ නෑ. වැඩ තියනවා නම් එන්නේ නැතිව ඉන්න ඕන. වැඩ තියනවා නම් මැයි දිනය අපිට දෙන්න ඕන. යකෝ කම්කරුවගේ දිනේ…

අපි ඉඩ දුන්නේ රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ පුතා හින්දා. පක්ෂ නායකයා හින්දා. ඔහු අප වෙනුවෙන් පෙනී හිටින්න. වේලාසන කතා කරලා පැනලා යන්න නෙමෙයි. කවුරුත් අනුමත කරන්නේ නෑ.

රැළියේ ජනතාව සාර්ථකයි. එක් පුද්ගලයෙකුගේ ක්‍රියාවලිය නිසා මැයි දිනය අසාර්ථක නෑ. සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් අපි සමාව ඉල්ලන්නම්. මොකද වැඩ බිම වෙනුවෙන් ඉන්නේ අපි. ඊලඟ මැයි දිනයේ දි හරි හුරු වෙන්න ඕන මැයි දිනයට එනවා නම් කිසිදු වැඩක් නොකර අවසන් කම්කරුවා දක්වා ඉවත්ව යනකම් ඉන්න පුලුවන්නම් එන්න. බැරිනම් මැයි දිනයට එන්න එපා කිසිම නායකයෙක්. මැයි දින රැළිවලට.

Lanka Hot News Advertising

Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka