gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

දේශබන්දුට පාතාල තර්ජන තියන බවට බුද්ධි වාර්තා නෑ…. පොලිසිය කියයි!

පොලිස්පති දේශබන්දු තෙන්කෝන් වෙත පාතාලයෙන් මරණීය තර්ජනයක් ඇති බවට කිසිම බුද්ධි තොරතුරකින් තහවුරු වී නැතැයි පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි. දේශබන්දු තෙන්නකෝන්ට මරණීය තර්ජන ඇති බවට විශාල රාවයක් ඇති වන්නේ නිර්ණාමික පුද්ගලයෙක් 118 දුරකථන අංකයට ඇමතුමක් දී දේශබන්දු තෙන්නකෝන්ට කංජිපානි ඉම්රාන් නැමැති පාතාලයාගෙන් මරණීය තර්ජන ඇති බවත් ඩෑන් ප්‍රියදාස් ඝාතනයෙන් පසු ඉලක්කය වී ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් බවටත් ප්‍රකාශයක් නිසා බවය.

මෙම තොරතුර අනුව සාමාන්‍යයෙන් සිදුකරන ආකාරයට අදාල පොලිස් බල ප්‍රදේශයට මෙවැනි දුරකථන ඇමතුමක් ලැබී අතැයි යන දැනුම්වත් කිරීම පමණක් පොලිසිය විසින් සිදුකර තිබේ.

මේ අතර මේ දුරකථන අංකයෙන්ම ඉහළම පොලිස් නිලධාරියෙකුගේ පුද්ගලික සහකාරගේ පුද්ගලික දුරකථනයට ඇමතුමක් ලබා දී දේශබන්දු තෙන්නකෝන්ට කංජිපානි ඉම්රාගෙන් මරණ තර්ජන ඇති බවට පවසා ඇත.

එතැන් සිට මේ දුරකථන අංකයත් ඇමතුම ලබා දුන් දුරකථනයත් පිළිබඳ තොරතුරක් නැති බවටත් එම අංකය විසන්ධි කර ඇති බවටත් පොලිස් විමර්ශන අංශ වෙත පෙනී ගොස් තිබේ.
මේ තත්ත්වය තුළ ඔහුගේ නිවසට පමණක් ආරක්ෂාව ලබා දීමට මේ වනවිට පොලිසිය කටයුතු කර ඇත.
-lankasara
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka